එහි පැමිණි කල, ඔව්හු සභාව රැස් කරවා දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කළ සියල්ල ද විජාතීන්ට උන් වහන්සේ විශ්වාසය කරා දොරක් ඇර දුන් බව ද දැන්වූ හ.
1 කොරින්ති 16:9 - Sinhala New Revised Version ඉමහත් බලාපොරොත්තු සහිත දොරක් එහි විවෘත වී ඇත. එහෙත්, විරුද්ධවාදීහු බොහෝ දෙනෙක් ද සිටිති. සිංහල කාලීන පරිවර්තනය මන්ද මහත් පලදායි සේවාවකට පුළුල් දොරක් මට ඇරී තිබේ. බොහෝ විරුද්ධවාදීහු ද මෙහි වෙති. Sinhala New Revised Version 2018 ඉමහත් බලාපොරොත්තු සහිත දොරක් එහි විවෘත වී ඇත. එහෙත්, විරුද්ධවාදීහු බොහෝ දෙනෙක් ද සිටිති. Sinhala Revised Old Version මක්නිසාද මහත්වූ බලවත්වූ දොරක් මට ඇර තිබේ, බොහෝ විරුද්ධකාරයෝද සිටිති. |
එහි පැමිණි කල, ඔව්හු සභාව රැස් කරවා දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කළ සියල්ල ද විජාතීන්ට උන් වහන්සේ විශ්වාසය කරා දොරක් ඇර දුන් බව ද දැන්වූ හ.
මම මනුෂ්‍යත්වයෙන් කල්පනාකර එපීසයේ දී ‘වන මෘගයන්’ සමඟ මෙන් පොර බැදුවෙම් නම් මට ඇති ප්‍රයෝජනය කුමක් ද? මළවුන් උත්ථාන වීමක් නැත්නම්, එක් කියමනක් පරිදි, “හෙට අප මැරෙන බැවින්, අද කමු, බොමු.”
අපි පීඩා විඳිමු නම් එය විඳින්නේ ඔබගේ සැනසීම හා ගැළවීම පිණිස ය. අපි සැනසීම ලබමු නම් එය ලබන්නේ ඔබත් අප මෙන් ඉවසීමෙන් දුක් විඳින විට, සැනසීම ලබන පිණිස ය.
තවද, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීමට මා ත්‍රෝවසට පැමිණි කල සමිඳාණන් වහන්සේගේ සේවයට දොරක් විවෘත වී තිබුණි.
මන්ද, මා බොහෝ වර ඔබට කියා ඇති ලෙසත්, දැන් කඳුළු හලමින් කියන ලෙසත්, බොහෝ දෙනෙක් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ සතුරන් මෙන් හැසිරෙති.
ඒ සමඟ ම ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ප්‍රකාශ කරන පිණිස දහම් පණිවුඩය දේශනා කරන්නට දෙවියන් වහන්සේ අපට දොරක් ඇර දෙන ලෙස යාච්ඤා කරන්න. මා දැන් හිරභාරයේ සිටින්නේ ඒ සඳහා ම ය.
එබැවින් ඔබ එකිනෙකාට පාපෝච්චාරණය කර, සුවය ලබන පිණිස, එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; පලදායක ය;