1 කොරින්ති 16:7 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ අවසර දෙන සේක් නම් ඔබ සමඟ නතර වීමට බලාපොරොත්තු වෙන බැවින් දැන් යන ගමනේ දී ටිකකට ගොඩවැදී යන්න මා කැමැති නැත. සිංහල කාලීන පරිවර්තනය දැන්ම පැමිණ යන්තම් ගොඩවැදී යෑමට කැමැත්තක් නැති බැවින්, ස්වාමින්වහන්සේ අවසර දෙන සේක් නම්, කලක් ඔබ හා නැවතී සිටීම මගේ බලාපොරොත්තුවයි. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ අවසර දෙන සේක් නම් ඔබ සමඟ නතර වීමට බලාපොරොත්තු වෙන බැවින් දැන් යන ගමනේ දී ටිකකට ගොඩවැදී යන්න මා කැමැති නැත. Sinhala Revised Old Version මා දැන් යන ගමනේදී නුඹලා දකින්ට නොකැමැත්තෙමි; මක්නිසාද ස්වාමීන්වහන්සේ අවසර දෙනසේක් නම්, නුඹලා සමඟ කලක් සිටින්ට බලාපොරොත්තුවෙමි. |
සමිඳුනි, මිනිසාගේ සරණ මිනිසා ම නොවන බවත්, ඔහු යා යුතු මඟ නියම කිරීම ඔහුට ම අයිති නැති බවත් ඔබ දන්න සේක.
ජේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “දැනට ඉඩ දෙන්න; මෙසේ දේව කැමැත්ත මුළුමනින් ඉටු කිරීම අපට සුදුසු ය”යි වදාළ සේක. එවිට ජොහන් ඊට එකඟ විය.
ඔවුන්ගෙන් සමුගනිමින්, “දෙවියන් වහන්සේ කැමැති සේක් නම් ඔබ වෙතට නැවත එන්නෙමි” කියා එපීසයෙන් නැව් නැංගේ ය.
මාගේ යාච්ඤාවල දී නිරන්තරයෙන් ඔබ ගැන සඳහන් කරන විට දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ඔබ දැකගැන්මට ඊමේ අවස්ථාවක් සැලසෙන ලෙස මා නිතර ම අයැදින බව දෙවියන් වහන්සේ දන්නා සේක.
එහෙත් සමිඳාණන් වහන්සේ කැමැති වන සේක් නම්, මම නොපමා ව ඔබ වෙත අවුත්, අහංකාර අයගේ කථිකත්වය නොව ඔවුන්ගේ බලයේ තරම දැනගන්නෙමි.
මේ සියල්ල ගැන මට සහතිකයක් තිබුණු බැවින්, ඔබට දෙවරක් මා දැක ගැනීමේ වාසනාව ලබා දෙනු පිණිස මම පළමුවෙන් ඔබ වෙත ඒමට අදහස් කෙළෙමි.
එබැවින් ඔබ කිය යුත්තේ: “සමිඳාණන් වහන්සේ කැමැති සේක් නම්, අපි ජීවත් වී ඒ දෙය හෝ මේ දෙය හෝ කරන්නෙමු”යි කියා ය.