ආසියාවෙහි වචනය දේශනා කිරීම ශුද්ධාත්මයාණන් විසින් තහනම් කරන ලද බැවින්, ඔව්හු පිරිගිය සහ ගලාතිය ප්‍රදේශයන් මැදින් ගියහ.
1 කොරින්ති 16:19 - Sinhala New Revised Version ආසියාවේ සභාවෝ ඔබට ආචාර කරති. අකිලා ද ප්‍රිස්කා ද, ඔවුන්ගේ නිවසේ රැස් වන සභාවත් සමඟ සමිඳාණන් වහන්සේ තුළ හිතවත් ලෙස ආචාර කරති. සිංහල කාලීන පරිවර්තනය ආසියාවේ සභා ඔබට ආචාර කරති. අකිලා හා ප්‍රිස්කා ඔවුන්ගේ නිවසේ සභාව සමඟ ස්වාමින්වහන්සේ තුළ ඔවුන්ගේ උණුසුම් ආචාරය ඔබට එවති. Sinhala New Revised Version 2018 ආසියාවේ සභාවෝ ඔබට ආචාර කරති. අකිලා ද ප්‍රිස්කා ද, ඔවුන්ගේ නිවසේ රැස් වන සභාවත් සමඟ සමිඳාණන් වහන්සේ තුළ හිතවත් ලෙස ආචාර කරති. Sinhala Revised Old Version ආසියාවේ සභාවෝ නුඹලාට ආචාර කරති. අකිලාද ප්‍රිස්කාද ඔවුන්ගේ ගෙදර තිබෙන සභාව සමඟ ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට බොහෝසෙයින් ආචාරකරති. |
ආසියාවෙහි වචනය දේශනා කිරීම ශුද්ධාත්මයාණන් විසින් තහනම් කරන ලද බැවින්, ඔව්හු පිරිගිය සහ ගලාතිය ප්‍රදේශයන් මැදින් ගියහ.
පාවුලු එහි තවත් කලක් නැවතී සිටි පසු, සහෝදරයන්ගෙන් සමුගෙන, සිරියාවට යන්නට නැව් නැංගේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහු සමඟ ගියහ. පාවුලු බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේ දී හිස මුඩු කරගත්තේ ය.
එහි දී ඔහුට මෑතක දී ඉතාලියට පැමිණි, පන්තස්හි උපන් අකිලා නම් එක්තරා ජුදෙව්වරයෙක් මුණගැසුණේ ය. ක්ලෞදියස් සියලු ජුදෙව්වරුන්ට රෝමයෙන් අහක් ව යන්නට අණ කර තිබුණු බැවින්, ඔහු ප්‍රිස්කිලා නම් සිය බිරිඳ සමඟ කොරින්තියට පැමිණ සිටියේ ය. පාවුලු ඔහු හමු වීමට ගියේ ය.
ඔහු ධර්මශාලාවෙහි දී නිර්භීත ව කතා කරන්නට පටන් ගත්තේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහුගේ බස් අසා, ඔහු තමන් ළඟට කැඳවාගෙන, දෙවියන් වහන්සේගේ මාර්ගය වඩා හරි ලෙස ඔහුට පහදා දුන්හ.
මෙය දෙවසක් කෙරීගෙන ගියේ ය. මෙසේ ආසියාවේ විසූ සියලු ජුදෙව්වරු ද ග්‍රීක්වරු ද සමිඳාණන් වහන්සේගේ වචනය ඇසූ හ.
පාතිවරුන් ද මේදවරුන් ද එලාම්වරුන් ද මෙසොපොතේමියාවෙහිත් ජුදය සහ කපදෝකියෙහිත්, පොන්තසය සහ ආසියාවෙහිත්,
පිලොලොගස්ට ද ජූලියාට ද නේරියස්ට හා ඔහුගේ සහෝදරියට ද ඔලිම්පස්ට ද ඔවුන් හා එක් ව වසන දෙවියන් වහන්සේගේ සෙනඟට ද මාගේ ආචාරය පිරිනමන්න.
මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පේදුරුගෙනි. මෙය ලියා එවන්නේ පොන්තස්හි ද ගලාතියෙහි ද කපදෝසියාවෙහි ද ආසියාවෙහි හා බිතිනියාවෙහි ද විසිර ගොස් විදේශිකයන්ව වසන,
“ඔබ දකින දර්ශන පොතක ලියා, එපීසය, ස්මර්ණය, පෙර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියාව, ලවෝදීසය යන මේ සභා සතට යවන්නැ”යි ඒ හඬ පැවසී ය.