ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 15:36 - Sinhala New Revised Version

මොන තරම් මෝඩ ප්‍රශ්නයක් ද? ඔබ ම වපුරන දෙය මළොත් මිස එයට නව දිවියක් ලැබෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

අඥානය, ඔබ වපුරන බීජය මළොත් මිසක, රෝපණය වී ජීවනයට එන්නේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මොන තරම් මෝඩ ප්‍රශ්නයක් ද? ඔබ ම වපුරන දෙය මළොත් මිස එයට නව දිවියක් ලැබෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අඥානය, නුඹම වපුරන දේ මළොත් මිස නැත්නම් පැළවෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 15:36
9 හුවමාරු යොමු  

ඒ ගසේ මුල් බොහෝ කල් පොළොවේ දිරා ගියත් එහි කඳ බිම වියළී ගියත්,


අඥානයෙනි, පිටපැත්ත මැවූ තැනැන් වහන්සේ ඇතුළු පැත්තත් නොමැවූ සේක් ද?


එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට, ‘අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස් කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේ දැ’යි වදාළ සේක.


එවිට උන් වහන්සේ ඔවුන් අමතා, “බුද්ධිහීන වූ ද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැළි වූ ද තැනැත්තෙනි,


ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, තිරිඟු බීජය පොළොවෙහි වැටී නොමළොත් එය තනි බීජයක් පමණක් වේ. එහෙත් එය මළොත් සරු ලෙස පල දරයි.


සිය ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩූ ඔවුන් අඥානයන් වී ඇත.


ඔබ වපුරන්නේ මතු හටගන්නා වැඩුණු පැළය නොව, තිරිඟු හෝ වෙනත් ධාන්‍ය වර්ගයක හුදු බීජයක් පමණ ය.


එබැවින් ඔබ ජීවත් වන පිළිවෙළ ගැන ඉතා සැලකිලිමත් වන්න. අඥානයන් මෙන් නොව, ඥානවන්තයන් මෙන් ජීවත් වන්න.


අඥානය, ක්‍රියාවලින් තොර ඇදහිල්ල නිෂ්ඵල බව ඔබ නොදන්නෙහි ද?