ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 15:30 - Sinhala New Revised Version

එසේ නම් අපත් මොහොතින් මොහොත අන්තරායවලට මුහුණ පාන්නේ කුමට ද?

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

හැම පැයකදීම උපද්‍රවයන්ට අප මුහුණ පාන්නේ මන්ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එසේ නම් අපත් මොහොතින් මොහොත අන්තරායවලට මුහුණ පාන්නේ කුමට ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අපිත් කුමක්හෙයින් සෑම වේලේම අන්තරායෙහි සිටිමුද?

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 15:30
8 හුවමාරු යොමු  

ඔවුන් යාත්‍රා කරද්දී උන් වහන්සේ නිදාගත් සේක. එකල චණ්ඩ මාරුතයක් නැඟී විල මත හැමී ය; ඔරුවට වතුර පිරෙත් ම ඔව්හු මහ අනතුරකට පත් ව සිටියහ.


සැබැවින් ම මළවුන්ගෙන් උත්ථාන වීමක් නැත්නම් මියගිය අය උදෙසා බව්තීස්ම-ස්නාපනය ලබන අයට කුමන ප්‍රයෝජනයක් සිදුවේ ද? මියගිය අය උදෙසා ඔවුන් බව්තීස්ම-ස්නාපනය ලබන්නේ කුමට ද?


සහෝදරවරුනි, මම දිනපතා මරණය විඳිමි. මා එසේ කියන්නේ අප ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබ ගැන මට ඇති ආඩම්බරය නිසා ය.


වැදගැන්මකට නැති අය මෙන් ගණන්ගැනුණත්, බොහෝ දෙනා පිළිගත් අය වීමු. මළා වූ අය මෙන් ගණන්ගැනුණත්, බලන්න, අපි ජීවත් ව සිටිමු. ලබන අය මෙන් ගණන්ගැනුණත් නොමැරී සිටිමු.


සහෝදරවරුනි, චර්මඡේදනය අවශ්‍ය බව මම තවමත් ප්‍රකාශ කරම් නම්, කුමක් නිසා තව ම පීඩා කරනු ලබම් ද? එය ඇත්තක් නම් කුරුසිය පිළිබඳ මා ප්‍රකාශ කරන දේ තවත් බාධාවට හේතුවක් නොවේ.