එබැවින් මා වේවා, ඔවුන් වේවා, අප දේශනා කරන්නේ එක ම පණිවුඩය යි. ඔබ එය අදහාගත්තහු ය.
එබැවින් ඒ මා හෝ ඔවුන් හෝ වේවා, අපි එය දේශනා කරන්නෙමු; ඔබ එය විශ්වාස කළහ.
එබැවින් මා වුණත් ඔවුන් වුණත් එසේ අපි දේශනාකරමුව, එසේ නුඹලා අදහාගත්තහුය.
එහෙත් මම යම් තත්ත්වයකට පැමිණ සිටිම් ද, එසේ පැමිණ සිටින්නේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ය. උන් වහන්සේ මට දුන් වරප්‍රසාදය නිෂ්ඵල නො වී ය. ඇත්තට ම මම ඔවුන් සියල්ලන්ට ම වඩා බොහෝ සෙයින් වැඩ කෙළෙමි. එහෙත් එසේ කෙළේ මා නොව මා තුළ වූ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ය.
අප දේශනා කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කරනු ලැබූ බව නම්, මළවුන්ගෙන් උත්ථාන වීමක් නැතැ යි ඔබගෙන් සමහරෙකු කියන්නේ කෙසේ ද?
මා ඔබ අතර සිටිය දී, මාගේ එක ම අධිෂ්ඨානය වූයේ අන් හැම දෙයක් ම අමතක කර, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ හා උන් වහන්සේගේ කුරුසිගතවීම ගැන පමණක් සිතීම ය.