අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති;
1 කොරින්ති 14:4 - Sinhala New Revised Version අන් භාෂා කථනය කරන්නා තමාගේ ම අභිවෘද්ධිය සලසාගනියි. එහෙත් දිවැස් වැකි දෙසන්නා සභාවේ අභිවෘද්ධිය සලසන්නේ ය. සිංහල කාලීන පරිවර්තනය අන්‍ය-භාෂාවකින් කතා කරන්නා තමාගේ අභිවෘද්ධිය සලසා ගනී. එහෙත් දිවැස් වැකි පවසන්නා සභාවේ අභිවෘද්ධිය සලසයි. Sinhala New Revised Version 2018 අන් භාෂා කථනය කරන්නා තමාගේ ම අභිවෘද්ධිය සලසාගනියි. එහෙත් දිවැස් වැකි දෙසන්නා සභාවේ අභිවෘද්ධිය සලසන්නේ ය. Sinhala Revised Old Version අන් භාෂාවකින් කථාකරන්නා තමාම වර්ධනයකරගන්නේය, නුමුත් ධර්මවාක්‍ය පවසන්නා සභාව වර්ධනයකරන්නේය. |
අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති;
තවත් කෙනෙකුට හාස්කම් කිරීමේ බලය ද, තවත් කෙනෙකුට දිවැසි වැකි කීමේ බලය ද, තවත් කෙනෙකුට ආත්ම විමසීමේ හැකියාව ද තවත් කෙනෙකුට අන් භාෂාවලින් කතා කිරීමේ පුළුවන්කම ද තවත් කෙනෙකුට එය පහදා දීමේ ශක්තිය ද දී ඇත.
මෙසේ දෙවියන් වහන්සේ පළමුකොට ප්‍රේරිතයන් ද දෙවනු ව දිවැසිවරයන් ද තුන්වනු ව ගුරුවරුන් ද ඉන්පසු හාස්කම් කරන අය ද සුව කිරීමේ වරම ලත් අය ද උපකාර කරන්නන් ද පරිපාලනය කරන්නන් ද විවිධ ශබ්ද ව්‍යවහාර කරන්නන් ද සභාවෙහි පිහිටුවා වදාළ සේක.
මා මිනිසුන්ගේ ද දේව දූතයන්ගේ ද භාෂාවලින් කතා කරතත් ප්‍රේමය මට නැත්නම් මම ඝෝෂා කරන ඝණ්ඨාරයකට හෝ කටුක රාවය දෙන කෛතාලමකට හෝ සමාන වෙමි.
දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුණත්, සියලු අබිරහස් ගැන අවබෝධය ද සකල ඥානය ද මට ඇතත්, කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් ප්‍රේමය මට නැත්නම් මම හිස් තැනැත්තෙක්මි.
එසේ ම ඔබත් ආධ්‍යාත්මික කුශලතා අත්කර ගැන්මට උද්‍යෝගිමත් බැවින්, සභා අභිවෘද්ධිය සැලසෙන ඒවායින් පූර්ණ ව සිටීමට උත්සාහ කරන්න.
ඒ අනුව අන් භාෂා කථනය, අදහන්නන්ට නොව නොඅදහන්නන්ට ලකුණක් පිණිස වේ. එහෙත් දිවැසි වැකි දෙසීම නොඅදහන්නන් උදෙසා නොව අදහන්නන් උදෙසා ය.
එසේ නම්, සහෝදරවරුනි, කුමක් කළ යුතු ද? ඔබ එක්රැස් වන විට එක් එක්කෙනාට ගීතයක් ද අනුශාසනාවක් ද එළිදරව් කිරීමක් ද අන් භාෂා කථනයක් ද එය විසඳීමක් ද තිබිය හැකි ය. මේ සියල්ල ම සභාවේ අභිවෘද්ධිය පිණිස වේ වා!
එහෙත් දිවැස් වැකි දෙසන්නා, අභිවෘද්ධිය ද ධෛර්යය හා සැනසීම ද දෙන වචන මිනිසුන්ට කතා කරයි.
ඔබ හැම දෙන ම අන් භාෂා කථනය කරනවාට මම කැමැත්තෙමි. එහෙත් ඔබ දිවැස් වැකි දෙසන්නේ නම් ඊටත් වඩා කැමැත්තෙමි. අන් භාෂා කථනය කරන්නා, සභාවේ අභිවෘද්ධිය සඳහා කියන දෙය විසඳා නොදේ නම් ඔහුට වඩා දිවැසි වැකි දෙසන්නා උතුම් ය.