1 කොරින්ති 12:24 - Sinhala New Revised Version මන්ද, ශෝභා සම්පන්න වූ අවයවයන්ට එවැනි උවමනාවක් නැත. ගරු කොට නොසලකන අවයවයන්ට දෙවියන් වහන්සේ වඩා ගරුත්වයක් දෙමින් ශරීරය සංයුක්ත කළ සේක. සිංහල කාලීන පරිවර්තනය අපගේ වඩා ශෝභමාන කොටස්වලට එය අනවශ්‍ය ය. මෙසේ දෙවියන්වහන්සේ ශරීරය නිර්මාණ කර ඇත්තේ, ගරුත්වයෙන් අඩු අවයවවලට මහත් ගරුත්වයක් දෙමිනි. Sinhala New Revised Version 2018 මන්ද, ශෝභා සම්පන්න වූ අවයවයන්ට එවැනි උවමනාවක් නැත. ගරු කොට නොසලකන අවයවයන්ට දෙවියන් වහන්සේ වඩා ගරුත්වයක් දෙමින් ශරීරය සංයුක්ත කළ සේක. Sinhala Revised Old Version නුමුත් අපගේ ශෝභනවූ කොටස්වලට එසේ ඕනෑ නැත. නුමුත් ශරීරයෙහි කිසි භේදයක් නොව අවයව එකිනෙක ගැන එකාකාර සලකන පිණිස, |
එවිට උන් වහන්සේ, “නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක.
වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.
තවද අපි, ශරීරයෙහි සුළුකොට සලකන අවයවයන් වඩාත් ගරු කොට සලකමු. ඇරත් ශෝභා සම්පන්න නො වූ අවයවයන්ට වඩාත් ශෝභනත්වයක් දෙමු.
එසේ කෙළේ ශරීරයේ භේදයක් නොතිබෙන පිණිසත්, සෑම අවයවයක් ම අනෙක් අවයවයන් එකාකාර ව සලකන පිණිසත් ය.