සුහද සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ගෞරවයෙන් තමාට වඩා අනෙක් අය උතුම් කොට සලකන්න.
1 කොරින්ති 12:16 - Sinhala New Revised Version එසේ ම කණ: “මම ඇස නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි”යි කීවත්, ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ. සිංහල කාලීන පරිවර්තනය තවද, “මා ඇසක් නො වන බැවින් ශරීරයට මා අයිති නැතැ” යි කන කිව හැකි නමුදු, එයින් එය ශරීරයේ කොටසක් නො වන්නේ නැත. Sinhala New Revised Version 2018 එසේ ම කණ: “මම ඇස නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි”යි කීවත්, ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ. Sinhala Revised Old Version කන: මම ඇස නොවන බැවින් ශරීරයට අයිති නොවෙමියි කීවත් ඒ නිසා ශරීරයට අයිති නොවන්නේ නොවේ. |
සුහද සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ගෞරවයෙන් තමාට වඩා අනෙක් අය උතුම් කොට සලකන්න.
ඔබ එකිනෙකා පමණට වඩා තමන් ගැන ඉහළින් නොසිතන ලෙසත්, දෙවියන් වහන්සේ එකිනෙකාට ප්‍රදානය කළ ඇදහිල්ලේ ප්‍රමාණයට තැන්පත් සිතින් සිතන ලෙසත්, මට දී ඇති දේව වරප්‍රසාදය අනුව ඔබ එකිනෙකාට කියමි.
යම් හෙයකින් පාදය: “මම අත නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි”යි කීවත්, ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ.
පක්ෂවාදීකමින් වත් පුහු මාන්නයෙන් වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත්කමින් සිතන්න.