එවිට පූජකවරයා ඈ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටුවා, ඇගේ කෙස් කළඹ ලිහා සැක දුරුකිරීමේ පූජාව වන සිහිකිරීමේ පඬුර ඇගේ අත්වල තැබිය යුතු ය. එහෙත්, සාපය සලසන තිත්ත වතුර ඔහු තමාගේ අතේ ම තබාගත යුතු ය.
1 කොරින්ති 11:6 - Sinhala New Revised Version ස්ත්‍රියක් හිස වසා නොගනී නම් ඈ හිසකේ කපා ගනී වා. හිස මුඩු කිරීම හෝ හිසකේ කෑපීම, ස්ත්‍රියකට ලජ්ජාවක් නම් ඈ හිස වැස්මක් ඇති ව සිටී වා. සිංහල කාලීන පරිවර්තනය යම් ස්ත්‍රියක් තම හිස වසා ගන්නේ නැතිනම්, ඇය කොණ්ඩය කොටකර කපා ගත යුතු ය. එහෙත් හිසකේ කපා ගැනීම හෝ මුඩු කර ගැනීම හෝ ස්ත්‍රියකට ලජ්ජාවට කරුණක් බැවින්, ඇය හිස වසා ගත යුතු ය. Sinhala New Revised Version 2018 ස්ත්‍රියක් හිස වසා නොගනී නම් ඈ හිසකේ කපා ගනී වා. හිස මුඩු කිරීම හෝ හිසකේ කෑපීම, ස්ත්‍රියකට ලජ්ජාවක් නම් ඈ හිස වැස්මක් ඇති ව සිටී වා. Sinhala Revised Old Version මක්නිසාද ස්ත්‍රියෙක් හිස වසා නොගනිතොත් හිසකේ කපාගනීවා. නුමුත් ස්ත්‍රියකට හිසකේ කැපීමවත් මුඩුකිරීමවත් ලජ්ජාවක්නම් ඈ හිස වැස්මක් ඇතුව සිටීවා. |
එවිට පූජකවරයා ඈ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටුවා, ඇගේ කෙස් කළඹ ලිහා සැක දුරුකිරීමේ පූජාව වන සිහිකිරීමේ පඬුර ඇගේ අත්වල තැබිය යුතු ය. එහෙත්, සාපය සලසන තිත්ත වතුර ඔහු තමාගේ අතේ ම තබාගත යුතු ය.
පාවුලු එහි තවත් කලක් නැවතී සිටි පසු, සහෝදරයන්ගෙන් සමුගෙන, සිරියාවට යන්නට නැව් නැංගේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහු සමඟ ගියහ. පාවුලු බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේ දී හිස මුඩු කරගත්තේ ය.
හිස නොවසා යාච්ඤා කරන හෝ දිවැස් වැකි පවසන ස්ත්‍රිය තමාගේ ප්‍රධානියාට අගෞරව කරයි. එසේ කිරීම ඈ හිස මුඩු කරගැනීම වැනි ය.
පුරුෂයා සිය හිස වසා නොගත යුතු ය. මන්ද, ඔහු දෙවියන් වහන්සේගේ ස්වරූපය හා ගෞරවය පිළිබිඹු කරන බැවිනි. එහෙත් ස්ත්‍රිය පුරුෂයාගේ ගෞරවය පිළිබිඹු කරයි.
“කාන්තාවක පුරුෂයෙකුගේ ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය. පුරුෂයෙකු ස්ත්‍රියකගේ ඇඳුම ඇඟ ලා නොගත යුතු ය. එලෙස කරන සියල්ලන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.