තවද, රජ තෙම සාරාට කතා කොට, “මෙන්න, මම ඔබේ සහෝදරයාට රිදී මිල දහසක් දුනිමි. එය ඔබ සමඟ සිටින සියල්ලන් ඉදිරියෙහි ඔබේ නිදොස් බව ඔප්පු කිරීමට සාක්ෂියක් වේ වා. ඔබ වැරැද්දක් නොකළ බව සියලු දෙන ම දැනගන්නෝ ය”යි කී ය.
1 කොරින්ති 11:10 - Sinhala New Revised Version එබැවින් දේව දූතයන් නිසා, ස්ත්‍රිය ආධිපත්‍යයේ ලකුණක් හිස ලා ගත යුතු ය. සිංහල කාලීන පරිවර්තනය දේව දූතයින් නිසා ස්ත්‍රිය ආධිපත්‍යයේ සලකුණක් තම හිසේ දරා සිටිය යුත්තේ එබැවිනි. Sinhala New Revised Version 2018 එබැවින් දේව දූතයන් නිසා, ස්ත්‍රිය ආධිපත්‍යයේ ලකුණක් හිස ලා ගත යුතු ය. Sinhala Revised Old Version එහෙයින් දේවදූතයන් නිසා බලයට යටත්වීමේ ලකුණක් හිසේ ඇතුව සිටින්ට ස්ත්‍රීට යුතුය. |
තවද, රජ තෙම සාරාට කතා කොට, “මෙන්න, මම ඔබේ සහෝදරයාට රිදී මිල දහසක් දුනිමි. එය ඔබ සමඟ සිටින සියල්ලන් ඉදිරියෙහි ඔබේ නිදොස් බව ඔප්පු කිරීමට සාක්ෂියක් වේ වා. ඔබ වැරැද්දක් නොකළ බව සියලු දෙන ම දැනගන්නෝ ය”යි කී ය.
ඔබේ වචනවලින් පව් කිරීමට ඉඩ නොතබන්න. ‘මා අදහස් නොකළ දෙයකැ’යි පූජකයාට නොකියන්න. දෙවියන් වහන්සේ ඔබ කෙරේ උදහස් වී ඔබේ ව්‍යාපාර නාස්ති කරදමන්න උන් වහන්සේට ඉඩ තබන්නේ මන් ද?
“මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි.
එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.