1 කොරින්ති 10:15 - Sinhala New Revised Version සිහි නුවණ ඇත්තන්ට මෙන් මම ඔබට කතා කරමි. මා කියන දේ ඔබ ම විනිශ්චය කරන්න. සිංහල කාලීන පරිවර්තනය මා ඔබට කතා කරන්නේ, සිහි නුවණ ඇත්තනට මෙනි. මා පවසන දෑ ඔබම විමසා බලන්න. Sinhala New Revised Version 2018 සිහි නුවණ ඇත්තන්ට මෙන් මම ඔබට කතා කරමි. මා කියන දේ ඔබ ම විනිශ්චය කරන්න. Sinhala Revised Old Version ඥානවන්තයන්ට මෙන් කථාකරමි; මා කියන දේ නුඹලාම විනිශ්චයකරන්න. |
අප ආසිරි කුසලාන ගෙන ආශීර්වාද කරන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ රුධිරයේ සහභාගිකම නොවේ ද? අප රොටි කඩන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයේ සහභාගිකම නොවේ ද?
ස්ත්‍රියක, හිස නොවසා, දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම හොබනේ ද කියා ඔබ ම විනිශ්චය කරන්න.
සහෝදරවරුනි, සිහිබුද්ධියෙන් ළාමක නොවන්න. නපුර සම්බන්ධයෙන් බිළිඳුන් වන්න. සිහිබුද්ධියෙන් වැඩිහිටියන් වන්න.
ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපි මෝඩයෝ ය, එහෙත් ඔබ උගත් කිතුනුවෝ ය. අපි දුබල ය; ඔබ බලවත් ය, ඔබට ගෞරවය ඇත, අපට අගෞරවය ඇත.
මෙය මොන නින්දාවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරාවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද් ද?
දේවතාවන්ට පුදන පිදේනි ගැන මම දැන් කතා කරමි. අප සියල්ලන්ට ම ඥානය ඇති බව අපි දනිමු. ඥානය අහංකාරය උපදවයි. එහෙත් ප්‍රේමය ශුභසිද්ධිය සලසයි.