ඔහු එම දවසේ ලකුණක් දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ ලකුණ නම්, ‘පූජාසනය පැළී එය පිට තිබෙන අළු විසිරී වැටීම ය’ ”යි කී ය.
1 කොරින්ති 1:22 - Sinhala New Revised Version ජුදෙව්වරු හාස්කම් ඉල්ලති. ග්‍රීක්වරු ප්‍රඥාව සොයති. සිංහල කාලීන පරිවර්තනය මන්ද, යුදෙව්වෝ අනුහස් ලකුණු ඉල්ලති; ග්‍රීක්වරු ප්‍රඥාව සොයති. Sinhala New Revised Version 2018 ජුදෙව්වරු හාස්කම් ඉල්ලති. ග්‍රීක්වරු ප්‍රඥාව සොයති. Sinhala Revised Old Version කෙසේදයත්, යුදෙව්වරු ලකුණු ඉල්ලති, ග්‍රීක්වරු ප්‍රඥාව සොයති. |
ඔහු එම දවසේ ලකුණක් දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ ලකුණ නම්, ‘පූජාසනය පැළී එය පිට තිබෙන අළු විසිරී වැටීම ය’ ”යි කී ය.
එකල පරිසිවරු අවුත් උන් වහන්සේ වචනයකින් අල්ලාගන්න පිණිස ස්වර්ගයෙන් හාස්කමක් ඉල්ලා විවාදයට එළඹුණාහ.
අන් සමහරු උන් වහන්සේ වචනයකින් අල්ලාගන්න පිණිස, ස්වර්ගයෙන් හාස්කමක් උන් වහන්සේගෙන් ඉල්ලූ හ.
එහෙත් මම දෙවියන් වහන්සේගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, සැබැවින් ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙහි උදා වී ඇත.
එකල ජුදෙව්වරු, “ඔබ මේ දේවල් කරන බැවින් ලකුණක් පිණිස කුමන හාස්කමක් අපට දක්වන්නෙහි දැ”යි ඇසූ හ.
ජේසුස් වහන්සේ, “ඔබ ලකුණු ද අරුමපුදුම දේ ද දුටුවොත් මිස විශ්වාස නො කරන්නාහු ය”යි ඔහුට වදාළ සේක.