දැන් ඔබ හැම දාවිත්ගේ පුත්‍රයන් අතේ තිබෙන සමිඳාණන් වහන්සේගේ රාජ්‍යයට විරුද්ධ ව සිටින්න කල්පනා කරන්නහු ය. ඔබ හැම මහත් සමූහයක් ය. දෙවිවරුන් කොට ජෙරොබෝවම් ඔබට සාදා දුන් රන් වහු රූප ඔබ හැම සමඟ ඇත.
හොෂෙයා 8:5 - Sinhala New Revised Version 2018 සමාරියේ වැසියෙනි, නුඹලා නමස්කාර කළ රන් වස්සා මම ප්‍රතික්ෂේප කෙළෙමි. ඔවුන්ට විරුද්ධ ව මාගේ උදහස ඇවිළී ඇත. ඔවුන් නිදොස් මඟට පැමිණෙන්න කොපමණ කල් ගත වේ ද? Sinhala New Revised Version සමාරියේ වැසියෙනි, නුඹලා නමස්කාර කළ රන් වස්සා මම ප්‍රතික්ෂේප කෙළෙමි. ඔවුන්ට විරුද්ධ ව මාගේ උදහස ඇවිළී ඇත. ඔවුන් නිදොස් මඟට පැමිණෙන්න කොපමණ කල් ගත වේ ද? Sinhala Revised Old Version එම්බා සමාරිය, නුඹේ වස්සා මට පිළිකුළක්ය; මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී තිබේ. ඔවුන් නිදොස් බවට පැමිණෙන්ට කොපමණ කල් යනවා ඇද්ද? |
දැන් ඔබ හැම දාවිත්ගේ පුත්‍රයන් අතේ තිබෙන සමිඳාණන් වහන්සේගේ රාජ්‍යයට විරුද්ධ ව සිටින්න කල්පනා කරන්නහු ය. ඔබ හැම මහත් සමූහයක් ය. දෙවිවරුන් කොට ජෙරොබෝවම් ඔබට සාදා දුන් රන් වහු රූප ඔබ හැම සමඟ ඇත.
උඩඟුකමේ පාපයෙන් මා වැළැක්වුව මැනව. එහි බලපෑමට මම යටත් නොවෙම්වා. එවිට මම දරුණු පවින් නිදහස් වී, නිදොස් කෙනෙක් වන්නෙමි.
“අනුවණයෙනි, ඔබ කොතෙක් කල් අනුවණකමට ප්‍රිය වන්නහු ද? නින්දා කරන්නෙනි, ඔබ කොතෙක් කල් නින්දාවට ප්‍රසන්න වන්නහු ද? අඥානයෙනි, ඔබ කොතෙක් කල් දැනගැන්මට ගරහන්නහු ද?
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ජාතීන් අතරේ ගැළවී සිටින සියල්ලෙනි, එක් රැස් ව ළඟා වෙත් වා! ලී රූප උසුලාගෙන යන, ගැළවීම ගෙන දෙන්න නොහැකි, දෙවිවරුන් යදින අයට නැණ නුවණ නැත.
හෙල් පිටත්, එළිමහනේත් ඔබේ පරදාරකම් ද වෙළඹකගේ මෙන් හේෂාරවය කිරීම් ද ඔබේ දුරාචාර ද සල්ලාලකම් ද සමිඳාණන් දැක ඇති බැවින් ඉශ්රායෙල් ජනයෙනි, ඔබට වන විපතක මහත! කවදා ඔබ පිරිසිදු වන්නහු ද?”
“එම්බා ජෙරුසලම! නුඹ ගැළවෙන පිණිස නුඹේ සිත සෝදාගෙන එහි ඇති නපුරුකම් පහ කරන්න. නුඹේ නපුරු සිතිවිලි නුඹ තුළ කොපමණ කල් පවතිනු ඇද් ද?
ඉශ්රායෙල් වංශය තමන් විශ්වාස කළ බෙතෙල් නම් දෙවියා නිසා ලජ්ජාවට පත් වූවා සේ මෝවබ් ජනයා තමන් විශ්වාස කළ කෙමොෂ් දෙවියා නිසා ලජ්ජාවට පත් වෙති.
“සමාරිය වැසියෝ බෙත්-ආවෙන්‍හි වහු පිළිමය නිසා වෙවුලමින් සිටිති. ඔව්හු දුක් වන්නෝ ය. ඔවුන්ගේ කපුවෝ ද රන් වහු පිළිමයේ අලංකාරය පහකරනු ලැබූ නිසා හඬා වැලපෙති.
ඉශ්රායෙල් සෙනඟගේ පාපය වන ගිරිකුළු දේවාල වනසනු ලබනවා ඇත. කටු හා ගොකටුවලින් ඔවුන්ගේ පූජාසන වැසී යන්නේ ය. ‘අප සඟවා ගන්නැ’යි කඳුවලටත්, ‘අප පිට වැටේ වා’යි හෙල්වලටත් සෙනඟ කියනු ඇත.”
දැන් ඔව්හු තව තවත් පව් කරමින් නැමදීමට තමන්ගේ රිදීවලින් දක්ෂ ලෙස වාත්තු කළ දේව රූප තනා ගනිති. ඒවා වනාහි කම්කරුවන්ගේ නිෂ්පාදන පමණකි. ‘පූජා කරන මිනිස්සු වහු පිළිම සිඹ ගනිත් වා’යි කියති.
ඒ රන් වස්සා සෑදුවේ ඉශ්රායෙල් කම්කරුවෙක් ය. එය දෙවියෝ නොවෙති. සමාරියයන් නමස්කාර කරන ඒ වහු පිළිමය මම කැබලි කර දමමි.
‘දාන්හි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද ‘බෙයර්-ෂෙබාහි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද සමාරියේ දෙවිවරුන් නමින් ද දිවුරන සියලු දෙන නැවත නැඟිටින්නට නොහැකි වන ලෙස වැටෙන්නෝ ය.”
එහි ඇති සියලු කැපූ රූප සුණු විසුණු කරනු ලැබේ. ඔවුන් සම්බ කරන සියල්ල ගින්නෙන් විනාශ කරනු ලැබේ. දේව රූප සුන්බුන් කරනු ලැබේ. මන්ද, ඒවා වේශ්‍යාකමට අය කළ ගාස්තුවෙන් රැස් කරගනු ලැබී ය. වේශ්‍යාකමේ පණයම් ගෙවීමට එය නැවත වැය වන්නේ ය.
ඔව්හු ඒ දවස්වල දී වස්සෙකු සාදා, ඒ රූපයට පූජාවක් ඔප්පු කර, තමන් අතින් සෑදූ දේ ගැන ප්‍රීති වූ හ.
මාගේ කෝපයෙන් ගින්නක් ඇවිළී, පාතාල ලෝකයේ ගැඹුර තෙක් ගොස් දැවී, මිහිතලය අස්වැන්න සමඟ ගිනිබත් වනු ඇත. කඳුවල පදනම් ද දැවෙනු ඇත.