මීකායා කැඳවාගෙන එන්න ගිය පණිවුඩකාරයා ඔහුට කතා කොට, “බලන්න, දිවැසිවරුන්ගේ වචන එක ලෙස රජුට ප්‍රසන්න දේ පවසයි. ඔබේ වචනයත් ඔවුන්ගෙන් කෙනෙකුගේ වචනය මෙන් කල්තියා ජය අත්වනු පිණිස කියන්නැ”යි දැන්වී ය.
හොෂෙයා 7:3 - Sinhala New Revised Version 2018 “සෙනඟ තමන්ගේ දුෂ්ටකමෙන් රජු ද උපායවලින් අධිපතීන් ද රවටති. Sinhala New Revised Version “සෙනඟ තමන්ගේ දුෂ්ටකමෙන් රජු ද උපායවලින් අධිපතීන් ද රවටති. Sinhala Revised Old Version ඔව්හු තමුන්ගේ දුෂ්ටකමෙන් රජුද තමුන්ගේ බොරුවලින් අධිපතීන්ද ප්‍රසන්නකරති. |
මීකායා කැඳවාගෙන එන්න ගිය පණිවුඩකාරයා ඔහුට කතා කොට, “බලන්න, දිවැසිවරුන්ගේ වචන එක ලෙස රජුට ප්‍රසන්න දේ පවසයි. ඔබේ වචනයත් ඔවුන්ගෙන් කෙනෙකුගේ වචනය මෙන් කල්තියා ජය අත්වනු පිණිස කියන්නැ”යි දැන්වී ය.
එවිට ඉශ්රායෙල් රජ දිවැසිවරුන් වන හාරසියයක් පමණ මිනිසුන් රැස් කොට, “මම රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යම් ද නොයම් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු කතා කොට, “ගිය මැනව, මන්ද, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ ය.
‘බබිලෝනියේ රජ ඔබට වත්, මේ දේශයට වත් විරුද්ධ ව නොඑන්නේ යැ’යි ඔබට දිවැස් වැකි කීවාවූ ඔබේ දිවැසිවරයා ඉතින් කොයි ද?
දිවැසිවරු සත්‍යය කතා නොකරති; පූජකයෝ සිය මතයෙන් ආණ්ඩු කරති; මාගේ සෙනඟ මේවාට ප්‍රිය කරති. එහෙත්, මේ සියල්ල අවසානයේ දී ඔව්හු කුමක් කරත් ද?”
අහෝ! මාගේ සෙනඟ අත්හැර මා ඔවුන්ගෙන් ඈත් වී සිටින්නට මට පාළුකරයෙහි වාසස්ථානයක් ඇත්නම්! මාගේ සෙනඟ කාමමිථ්‍යාචාරිකයෝ ය; ද්‍රෝහිකාර පිරිසක් ය.
එහෙත්, නුඹලා දුෂ්ටකම හෑවහු ය; අයුතුකම කපාගත්තහු ය; මුසාවාදයේ ප්‍රතිඵල අනුභව කළහු ය. එසේ වූයේ නුඹලා තමන්ගේ ම යුද්ධ රථ කෙරෙහි ද නුඹලාගේ විශාල භට සංබ්‍යාව කෙරෙහි ද විශ්වාසය තැබූ බැවිනි.
“එප්‍රායිම් බොරුවෙන් ද ඉශ්රායෙල් සෙනඟ වංචාවෙන් ද මා වට කරගෙන සිටිති; විශ්වාසී, ශුද්ධ තැනැන් වහන්සේ වන දෙවියන් වහන්සේට විරුද්ධ ව ජුදා සෙනඟ තවමත් කැරලි ගසමින් සිටිති.
බොරු දිවිරීම ද බොරු කීම ද මිනීමැරීම ද සොරකම ද කාමමිථ්‍යාචාරය ද මිස වෙන කිසිවක් නැත. ඇත්තේ ලේ වැගිරීම් පිට ලේ වැගිරීම් ය.
රජුගේ උත්සව දිනයේ දී සිය අධිපතීන් මත්පැන් බී වෙරි වූ විට, රජ ද ඒ කුහකයන් සමඟ එක් වෙයි.
ඔම්රි රජුගේ අණපනත් ද, ආහබ්ගේ නපුරු ක්‍රියා ද නුඹලා අනුගමනය කළහු ය. ඔවුන්ගේ ප්‍රතිපත්ති නුඹලා පිළිපැද්දහු ය. ඒ නිසා මම නුඹලා විනාශයට පත් කර, නුඹලා එපා කළ සෙනඟක් කරන්නෙමි. හැම තැන සිටින සියලු ජනයා නුඹලාට අපහාස කරන්නෝ ය.”
වීර්යයෙන් නපුර කිරීමට ඔවුන් දෑත පොවා ඇත. අධිපතියා ද විනිශ්චයකාරයා ද අල්ලස් ඉල්ලති. බලපුළුවන්කම් ඇත්තා ඔහුගේ සිතේ නපුරු ආසාවන් ප්‍රකාශ කරයි. ඔව්හු එකට උපා යොදාගනිති.
මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුසු ය, යන දෙවියන් වහන්සේගේ නියෝගය දැන දැනත් ඒ දේ ම කරති. එපමණක් නොව, ඒ දේ කරන අයට අනුබල ද දෙති.
ඒ බොරු දිවැසිවරු ලෝකයට අයිති ය; ඔව්හු ලෝක ව්‍යවහාරය අනුව කතා කරති. එබැවින් ලෝකයා ඔවුන්ට සවන් දෙති.