හූෂයි තවදුරටත් කතා කරමින් මෙසේ කීවේ ය: “ඔබේ පියා හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත්, වනයේ පැටවුන් නැති වූ වැලහින්නක මෙන් කෝප වී සිටින බවත් ඔබ දන්නෙහි ය. ඔබේ පියා යුද්ධයෙහි දක්ෂයෙකි. ඔහු රාත්‍රියේ සෙනඟ සමඟ නවතින්නේ නැත.
හොෂෙයා 13:8 - Sinhala New Revised Version 2018 පැටවුන් නැති වූ වැලහින්නියක මෙන් මම ඔවුන් පිට කඩා පැන ඔවුන් දෙපළු කරදමන්නෙමි. සිංහයෙකු මෙන් මම ඔවුන් එතැනදී ම කාදමන්නෙමි. වන මෘගයෙකු මෙන් ඉරාදමන්නෙමි. Sinhala New Revised Version පැටවුන් නැති වූ වැලහින්නියක මෙන් මම ඔවුන් පිට කඩා පැන ඔවුන් දෙපළු කරදමන්නෙමි. සිංහයෙකු මෙන් මම ඔවුන් එතැනදී ම කාදමන්නෙමි. වන මෘගයෙකු මෙන් ඉරාදමන්නෙමි. Sinhala Revised Old Version පැටවුන් නැතිවුණ වැලහින්නියක් මෙන් මම ඔවුන්ට විරුද්ධව පැමිණ, ඔවුන්ගේ හෘදයේ අතුණුවැටිය ඉරන්නෙමි. එහිදී සිංහයෙකු මෙන් ඔවුන් නාස්තිකරන්නෙමි; වල් මෘගයා ඔවුන් ඉරාදමන්නේය. |
හූෂයි තවදුරටත් කතා කරමින් මෙසේ කීවේ ය: “ඔබේ පියා හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත්, වනයේ පැටවුන් නැති වූ වැලහින්නක මෙන් කෝප වී සිටින බවත් ඔබ දන්නෙහි ය. ඔබේ පියා යුද්ධයෙහි දක්ෂයෙකි. ඔහු රාත්‍රියේ සෙනඟ සමඟ නවතින්නේ නැත.
මට පිටුපා යන්නෙනි, මෙය කල්පනාවට ගන්න; නැතහොත්, මම නුඹලා වනසන්නෙමි. නුඹලා ගළවන්නට කිසිවෙකු නොසිටිනු ඇත.
ඔවුන්ගේ හේවායෝ ගොදුර අල්ලා සුරැකි ව ගෙන යන සිංහයන් මෙන් ගර්ජනා කරන්නෝ ය. ඔවුන්ගෙන් ඒවා ගළවාගන්න හැකි කිසිවෙක් නොමැත.
මා තෝරාගත් සෙනඟ වනාහි සතුරු ගිජු පක්ෂීන්ගෙන් වට වූ උකුස්සෙකු වැන්න. වනයේ සියලු සතුනි, ගොදුරට රැස් වන්න.
සිංහයා සිය ගුහාව අත්හැර යන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ සිය දේශය අත්හැරදමන සේක. භයානක යුද්ධය නිසා ද සමිඳාණන් වහන්සේගේ දැඩි කෝපය නිසා ද ඔවුන්ගේ දේශය පාළුකරයක් වී ඇත.”
ඈ කී පරිදි ඇගේ පෙම්වතුන් කුලියක් වශයෙන් ඈට දුන් මිදි වැල් හා අත්තික්කා ගස් විනාශ කර වන ලැහැබක් කර දමමි. වන මෘගයෝ ඒවා කාදමති.
මම එප්‍රායිම්ට සිංහයෙකු මෙන් ද ජුදාට සිංහ නාම්බෙකු මෙන් ද වන්නෙමි. මම, මම ම ඔවුන් පිටට කඩාපැන ඔවුන් ඉරාදමා ඇදගෙන යන්නෙමි. කිසිවෙකුට ඔවුන් ගැළවිය නොහැකි ය.