හෙබ්‍රෙව් 2:16 - Sinhala New Revised Version 2018 මන්ද, උන් වහන්සේගේ සැලකිල්ලට භාජන වන්නේ දේව දූතයන් නොව, ආබ්‍රහම්ගේ පෙළපතෙන් පැවත එන අය ය. Sinhala New Revised Version මන්ද, උන් වහන්සේගේ සැලකිල්ලට භාජන වන්නේ දේව දූතයන් නොව, ආබ්‍රහම්ගේ පෙළපතෙන් පැවත එන අය ය. සිංහල කාලීන පරිවර්තනය මන්ද සැබවින් ම උන්වහන්සේ පිහිට වන්නේ, දේව දූතයිනට නො වේ; උන්වහන්සේ පිහිට වන්නේ, ආබ්‍රහම්ගේ වංශයට වග පැහැදිලි ය. Sinhala Revised Old Version මක්නිසාද [පිහිටවීම සඳහා] සැබවින් උන්වහන්සේ අල්ලාගන්නේ දේවදූතයන් නොව ආබ්‍රහම්ගේ වංශයය. |
ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නහු නම් ඔබේ චර්මඡේදන පිළිවෙතින් වැඩක් ඇත. එහෙත්, ඔබ ව්‍යවස්ථාව කඩ කරන්නාහු නම්, ඔබේ චර්මඡේදන පිළිවෙතෙහි තේරුමක් නැත.
පොරොන්දු දෙන ලද්දේ ආබ්‍රහම්ට හා ඔහුගේ වංශයට ය. බහුවචනාර්ථයෙන් ‘වංශයන්ට ය’ නොකියා ඒක වචනාර්ථයෙන් ‘නුඹේ වංශයට ය’යි උන් වහන්සේ වදාළ සේක. ‘වංශය’ යන්නෙන් අදහස් කරන ලද්දේ ක්‍රිස්තුන් වහන්සේ ය.
ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති නම්, ඔබ ආබ්‍රහම්ගේ වංශයට අයිති ව, පොරොන්දුව ලෙස උරුමක්කාරයෝ ද වන්නහු ය.
අපේ මෙලෝ පියවරු තමන්ට හරි යයි පෙනුණු ලෙස මඳ කලකට අපට දඬුවම් කළහ; එහෙත් උන් වහන්සේ තමන්ගේ පරිශුද්ධත්වයට අප පංගුකාරයන් වන පිණිස, අපේ යහපත සඳහා දඬුවම් කරන සේක.
එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව තිබිණි.
සැබැවින් ම මනුෂ්‍යයෝ තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙකුගේ නාමයෙන් දිවුරති. ඔවුන්ගේ සියලු වාද විවාද නිමාවකට ගෙනෙන්නේ දිවුරා දෙන සහතිකයකිනි.
මේ මිදීම සඳහා ක්‍රිස්තුන් වහන්සේ, ලෝකය මැවීමට පෙර තෝරාගනු ලැබ, ඔබ උදෙසා මේ අන්තිම කාලයේ දී ප්‍රකාශ කරනු ලැබූ සේක.