සමිඳාණන් වහන්සේගේ වචනය පරිදි රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පිළිපදින පිණිස ජුදාවරුන් එක් සිත් කරවන ලෙස දෙවියන් වහන්සේගේ හස්තය ඔවුන් පිට ද වූයේ ය.
හෙබ්‍රෙව් 13:21 - Sinhala New Revised Version 2018 ඔබ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන පිණිස, සියලු යහපත් ක්‍රියාවලින් ඔබ පරිපූර්ණ කරන සේක් වා! තමන්ට ප්‍රසන්න දේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන උන් වහන්සේ අප තුළ ඉටු කරන සේක් වා! උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්. Sinhala New Revised Version ඔබ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන පිණිස, සියලු යහපත් ක්‍රියාවලින් ඔබ පරිපූර්ණ කරන සේක් වා! තමන්ට ප්‍රසන්න දේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන උන් වහන්සේ අප තුළ ඉටු කරන සේක් වා! උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්. සිංහල කාලීන පරිවර්තනය ස්වකීය කැමැත්ත කිරීමේ හැම හොඳ අංගයකින්ම ඔබ සන්නද්ධ කරන සේක්වා! ස්වකීය මනාපය පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අප ජීවිත තුළ උන්වහන්සේ ක්‍රියා කරන සේක්වා! උන්වහන්සේට සදහට ම, සදාතනිකව ම තේජෝ මහිම වේවා! ආමෙන්. Sinhala Revised Old Version තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණකරනසේක්වා. උන්වහන්සේට සදාකාලේටම ගෞරවය වේවා. ආමෙන්. |
සමිඳාණන් වහන්සේගේ වචනය පරිදි රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පිළිපදින පිණිස ජුදාවරුන් එක් සිත් කරවන ලෙස දෙවියන් වහන්සේගේ හස්තය ඔවුන් පිට ද වූයේ ය.
සමිඳාණෝ මා සම්බන්ධ ව අදහස් කරන දේ ඉටු කරන සේක. සමිඳුනි, ඔබේ ප්‍රේමය සදා පවත්නේ ය. ඔබ ඇරඹුවා වූ දේ නිම කළ මැනව.
ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරුන් වුව ද, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.
ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත ඉටු කෙළේ කවරෙක් දැ”යි ඇසූ සේක. “වැඩිමලා”යි ඔව්හු කී හ. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, අයකැමියෝත්, වෙසඟනෝත් ඔබට පළමුවෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පැමිණෙති.
මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
“ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ ය.
මෙසේ කෙළේ, මා ඔවුන් තුළ ද ඔබ මා තුළ ද සිටීමෙන්, ඔවුන් සම්පූර්ණ ලෙස ඒකත්වයට පැමිණෙන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ද, ඔබ මට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ටත් ප්‍රේම කළ බව ද ලෝකයා දැනගන්නා පිණිසත් ය.
යමෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට කැමැති වන්නේ නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන් වහන්සේගෙන් වූවක් ද නැතහොත් මාගෙන් ම වූවක් දැ යි දැනගන්නේ ය.
මන්ද සියල්ල මවා වදාරන්නේ උන් වහන්සේ ය; සියල්ල රක්ෂා කරන්නේ උන් වහන්සේ ය; සියල්ල අර්ථාන්විත කරන්නේ උන් වහන්සේ ය. උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.
සකල ප්‍රඥාවෙන් යුක්ත වූ අසමසම දෙවියන් වහන්සේට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සදහට ම මහිමය වේ වා! ආමෙන්.
සියල්ලෙහි දී ඔබ නිතර ම සියලු අයුරින් අනූන ව සිටින පිණිසත්, සියලු යහපත් සේවාවන්ට නොමසුරු ව ආධාර කළ හැකි වන පිණිසත් උවමනා පමණටත් වඩා අධික ලෙස ආශීර්වාද ඔබට දෙන්න දෙවියන් වහන්සේට පුළුවන.
මන්ද, අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුන් වහන්සේ තුළ මවනු ලැබූ මැවිලි වෙමු. ඒ යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ කල් තියා අප සූදානම් කළ සේක.
එක ම ආත්මයාණන් වහන්සේ තුළ, ජුදෙව්වරුන් හා විජාතීන් යන දෙපක්ෂයට, පියාණන් වහන්සේ වෙතට පිවිසීමේ වරය ලැබිය හැක්කේ, ක්‍රිස්තුන් වහන්සේ නිසා ය.
එතුමාණෝ පර්වතයාණෝ ය. එතුමන්ගේ ක්‍රියා පරිපූර්ණ ය; එතුමන්ගේ මාර්ග සාධාරණ ය. එතුමාණෝ අයුතුකමින් තොර ව වසන විශ්වාසී දෙවි කෙනෙකි. දැහැමි ව හා අවංක ව ද සිටින සේක.
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ගෞරවය හා ප්‍රශංසාව පිණිස ඔබ දැහැමි ජීවිතයක ඵලවලින් පූර්ණ වේ වා.
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමිඳාණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා, සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණිසත් ය.
මන්ද, ඔබ දෙවියන් වහන්සේගේ යහපත් කැමැත්තට අවනත වී, එය ඉෂ්ට කරවීමට උන් වහන්සේ ම ඔබ තුළ ක්‍රියා කරන සේක.
දැන් මට සියල්ල වුවමනාවටත් වැඩියෙන් ලැබී ඇති බවට සහතික කරමි. ඔබ එපප්‍රොදිතස් අත මා වෙත එවූ දේවල් ද ලබා පූර්ණ වී සිටිමි. ඒවා දෙවියන් වහන්සේට මිහිරි සුගන්ධයක් හා ප්‍රියමනාප පූජාවක් වී ඇත.
තවද, ඔබ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කුමක් කරතත්, ඒ සියල්ල ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් කරමින් උන් වහන්සේ තුළින් දෙවි පියාණන් වහන්සේට ස්තුති කරන්න.
දරුවෙනි, සියලු කාරණාවල දී දෙමව්පියන්ට කීකරු වන්න. මන්ද, ඔබ එසේ කිරීම සමිඳාණන් වහන්සේට ප්‍රීතියකි.
ඔබේ ම කෙනෙකු වන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, එපප්‍රස් ද ඔබට ආචාර කරයි. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්තට සම්පූර්ණයෙන් ගැති ව, ස්ථීර අධිෂ්ඨානයෙන් සිටින පිණිස ඔහු ඉතා ඕනෑකමින් නොකඩව යාච්ඤා කරයි.
අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ සිය සැදැහැවතුන් සමඟ වඩින විට, ඔබගේ සිත් අපගේ දෙවි පියාණන් වහන්සේ ඉදිරියෙහි ශුද්ධ ව ද, නිදොස් ව ද තිබෙන ලෙස ශක්තිමත් කරන සේක් වා!
දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ඔබ ශුද්ධ ව සිටීම ය; ඔබ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිය යුතු ය.
සාමදානයේ දෙවියන් වහන්සේ ම ඔබ මුළුමනින් ම පවිත්‍ර කරන සේක් වා! ඔබගේ මුළු ආත්මය ද ප්‍රාණය ද ශරීරය ද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරාගමනයේ දී නිදොස් ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේ වා!
අමරණීය වූ, අදෘශ්‍යමාන වූ, සදාතන රජ වූ එක ම දෙවියන් වහන්සේට ගෞරවයත් මහිමයත් සදහට ම වේ වා! ආමෙන්.
ඈ යහපත් ක්‍රියාවෙන් සාක්ෂි දැරීම ද, දරුවන් ඇතිදැඩි කිරීම ද ආගන්තුක සත්කාර කිරීම ද සැදැහැවතුන්ගේ පා සේදීම ද පීඩා විඳින්නන්ට උපකාර කිරීම ද සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදීම ද පිළිබඳ ප්‍රසිද්ධියක් දරන තැනැත්තියක් විය යුතු යි.
උන් වහන්සේ පමණක් අමරණීය ය. කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයෙහි උන් වහන්සේ වසන සේක. කිසිවෙක් කිසි කලෙක උන් වහන්සේ දැක නැත; දකින්නටත් බැරි ය. උන් වහන්සේට ගෞරවයත්, සදාතන පරාක්‍රමයත් වේ වා! ආමෙන්.
දෙවියන් වහන්සේට කැප වූ පුද්ගලයා සම්පූර්ණ වශයෙන් පුහුණු වී, ඕනෑ ම යහපත් සේවයකට සූදානම් ව සිටින්නේ එසේ ය.
සමිඳාණන් වහන්සේ සියලු දරුණු උවදුරුවලින් මා මුදා, උන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට මා පමුණුවන සේක. උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.
දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කොට උන් වහන්සේගේ පොරොන්දුව ලැබීමට නම් ඉවසීම ඔබට අවශ්‍ය ය.
සගලොවෙහි නම් ලියා ඇති කුළුඳුලන්ගේ සභාවට ය; සියල්ලන්ගේ විනිශ්චයකාර දෙවියන් වහන්සේ වෙතට ය; සම්පූර්ණ ලෙස ධර්මිෂ්ඨ කරන ලද අයගේ ආත්ම වෙතට ය;
එහෙයින් නොසෙල්විය හැකි රාජ්‍යයක් අප ලබන බැවින් ස්තුතිවන්ත වෙමු. එමඟින් ගෞරවයෙන් හා දේව ගරුබියෙන් දෙවියන් වහන්සේ ප්‍රසන්න වන ලෙස නමස්කාර කරමු.
යහපත කිරීමට ද, ඔබ සතු දෙය අනුන් සමඟ බෙදාහදා ගැනීමට ද අමතක නොකරන්න. එවැනි පූජාවලට දෙවියන් වහන්සේ ප්‍රසන්න වන සේක.
ආත්මික ගෘහයක් ගොඩනඟන ලෙස ඔබ ජීවමාන ගල් මෙන් උන් වහන්සේ වෙත පැමිණ, එහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින්, දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න.
එවිට මේ ජීවිතයේ ඉතිරි කාලයේ තවදුරටත් මනුෂ්‍ය තෘෂ්ණා අනුව නොව, දේව කැමැත්ත ලෙස ඔහුට ජීවත් විය හැකි ය.
අපගේ ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයෙහි ද උන් වහන්සේ දැනගැන්මෙහි ද වැඩිවර්ධනය වෙන්න. දැනුත් සදහටත් උන් වහන්සේට මහිමය වේ වා! ආමෙන්.
ලෝකයත් ලෝකානුරාගයත් පහ වී යන්නේ ය. එහෙත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා සදහට ම ජීවත් වන්නේ ය.
තවද, අපි උන් වහන්සේගේ ආඥා පිළිපදින නිසා ද, උන් වහන්සේට ප්‍රියමනාප දේ කරන නිසා ද, උන් වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමු.
අපගේ ගැළවුම්කාර එක ම දෙවියන් වහන්සේට අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් මහිමය හා තේජස ද, පරාක්‍රමය හා බලය ද, සියලු යුගවලට ප්‍රථමයෙන් වූ ලෙස, දැනටත්, යුගයෙන් යුගයටත් වේ වා! ආමෙන්.
සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමාන වීදුරු සමුද්‍රයක් වැනි දර්ශනයක් විය. ඒ සිංහාසනය මැද හා අවටින්, ඉදිරියෙන් හා පිටුපසින්, ඇස් රාශියක් ඇති ජීවමාන සත්ත්වයෝ සතර දෙනෙක් වූ හ.
තවද, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද පොළොව යට ද මුහුදෙහි ද යන මුළු ලෝකයෙහි ඇති සියලු සත්ත්වයන්: “සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් ප්‍රශංසාව ද ගෞරවය ද මහිමය ද පරාක්‍රමය ද සදහට ම වේ වා!”යි කියනු ඇසීමි.
ඔව්හු මේ අලුත් ගීතය ගායනා කළහ: “පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් සුදුසු තැනැන් වහන්සේ ඔබ ය. මන්ද, ඔබ මරනු ලැබ, ඒ මරණය නමැති මිලයෙන් සියලු ගෝත්‍රවලින් ද භාෂාවලින් ද ජනයාගෙන් ද ජාතීන්ගෙන් ද මිනිසුන්, දෙවියන් වහන්සේ උදෙසා ලබාගත් සේක.