හෙබ්‍රෙව් 12:21 - Sinhala New Revised Version 2018 ඒ දර්ශනය කෙතරම් බියකරු වී ද යත්, “මම බියෙන් වෙවුලමි”යි මෝසෙස් කී ය. Sinhala New Revised Version ඒ දර්ශනය කෙතරම් බියකරු වී ද යත්, “මම බියෙන් වෙවුලමි”යි මෝසෙස් කී ය. සිංහල කාලීන පරිවර්තනය ඒ දර්ශනය කෙතරම් බියකරු වී ද යත්, “මම බයින් වෙවුලමි” යි මෝසෙස් කීවේ ය. Sinhala Revised Old Version ඒ දර්ශනය එපමණ භයානකව තිබුණු බැවින් මෝසෙස්ද කථාකොට: මම භයවෙමි, වෙවුලමියි කීය. |
තුන් වන දවස උදා වූ විට කන්ද මත මේඝ ගර්ජනා හා විදුලි කෙටීම් ද, ඝන වලාකුළක් ද, තද හොරණෑ හඬක් ද විය. කඳවුරේ සිටි සියලු සෙනඟ වෙව්ලන්නට වූ හ.
හොරණෑ හඬ ද දිගට ම නද දෙමින් එන්න එන්න වැඩි විය. මෝසෙස් කතා කළ විට දෙවියන් වහන්සේ ගිගුරුම් හඬකින් උත්තර දුන් සේක.
ඔබ වනසාලනු පිණිස උන් වහන්සේ උදහස් වීම ගැනත්, ඔබ කෙරෙහි වූ තද අප්‍රසන්න ගතිය සහ කෝප වීම ගැනත් මම බිය වුණෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ අවස්ථාවේ දී පවා මට සවන්දුන් සේක.
අපට ඇත්තේ විනිශ්චය ගැනත්, විරුද්ධවාදීන් දවාලන උදහස් ගින්න ගැනත් බියෙන් බලා සිටීම පමණකි.
උන් වහන්සේ දුටු කල, මම මළ තැනැත්තෙකු මෙන් උන් වහන්සේ පාමුල වැටුණෙමි. උන් වහන්සේ සිය දකුණත මා පිට තබා මෙසේ වදාළ සේක: “බිය නොවන්න. මම පළමුවැන්නා සහ අන්තිමයා ය,