එවිට ඈ එලියාට කතා කොට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබ සමඟ මට ඇති ආරාවුල කුමක් ද? මාගේ පාපය සිහි කරවන්නටත්, මාගේ පුත්‍රයා මරන්නටත් මා ළඟට ඔබ ආයෙහි දැ”යි ඔහුගෙන් ඇසුවා ය.
හෙබ්‍රෙව් 10:3 - Sinhala New Revised Version 2018 එහෙත් ඒ යාගවලින් සිදුවන්නේ අවුරුදුපතා මිනිසුන්ට ඔවුන්ගේ පව් සිහි කර දීමකි. Sinhala New Revised Version එහෙත් ඒ යාගවලින් සිදුවන්නේ අවුරුදුපතා මිනිසුන්ට ඔවුන්ගේ පව් සිහි කර දීමකි. සිංහල කාලීන පරිවර්තනය එහෙත් එම යාග පූජාවලින් කරනුයේ අවුරුදු පතා පාප සිහි කරවීමකි. Sinhala Revised Old Version නුමුත් ඒ යාගවලින් අවුරුදුපතා පව් ගැන සිහිකිරීමක් ඇත්තේය. |
එවිට ඈ එලියාට කතා කොට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබ සමඟ මට ඇති ආරාවුල කුමක් ද? මාගේ පාපය සිහි කරවන්නටත්, මාගේ පුත්‍රයා මරන්නටත් මා ළඟට ඔබ ආයෙහි දැ”යි ඔහුගෙන් ඇසුවා ය.
අවුරුද්දකට වරක් ආරොන් එහි අං පිට පව් කමාව ලබාගැනීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. අවුරුද්දකට වරක් පාප කමාව ලබන පූජාවේ ලේ ගෙන, පූජාසනය මත පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. එය නුඹේ සෑම පෙළපතක් මඟින් ම ඉටු කළ යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මට කැප වූ අතිශුද්ධ පූජාසනයකි.”
මෙය වනාහි අවුරුද්දකට වරක් ඉශ්රායෙල් ජනයාගේ සියලු පාප කමා කිරීම පිණිස ඉටු කළ යුතු නුඹලා කෙරෙහි සදහට ම වලංගු නියෝගයකි.” සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ ලෙස ඔහු ද ඒවා ඉටු කෙළේ ය.
“ඔබ සියල්ලෝ ම මෙයින් පානය කරන්න. මෙය පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ.
එහෙත් දෙ වන මණ්ඩපයට නායක පූජකයා පමණක් වසරකට වරක් ඇතුළු වේ. ඔහු තමා උදෙසාත්, සෙනඟගේ පව් උදෙසාත් ඔප්පු කරන පිණිස ලේ රැගෙන එහි ඇතුළු වෙයි.