හිතෝපදේශ 4:27 - Sinhala New Revised Version 2018 හරි මඟින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්න; ඔබේ දෙපා නපුරෙන් දුරු කරගන්න. Sinhala New Revised Version හරි මඟින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්න; ඔබේ දෙපා නපුරෙන් දුරු කරගන්න. Sinhala Revised Old Version දකුණටවත් වමටවත් නොහැරෙන්න. නුඹේ පාද නපුරෙන් පහකරන්න. |
නපුරෙන් වැළකීම අවංක අයගේ රාජ මාවත ය; ඔබේ ක්‍රියා මාර්ග ගැන ප්‍රවේසම් වී දිවි රැකගන්න.
“මා අණ කරන සෑම දෙයක් ම ඔබ ආරක්ෂා කොට පිළිපදින්න. ඒවාට අමතර ව යමක් එකතු නොකළ යුතු ය. ඒවායින් යමක් අඩු නොකළ යුතු ය.
මා ඔබට මෙදින නියම කරන දේවල් ඔබ අකුරට ම පිළිපැදිය යුතු ය. අන් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් නොකළ යුතු ය.”
“එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ පරිදි ඔබ හැම පිළිපැදිය යුතු ය. ඒ කිසිවකට ඔබ අකීකරු නොවිය යුතු ය.
මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න.