ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 4:12 - Sinhala New Revised Version 2018

එවිට ඔබ ඇවිදින කල ඔබට අවහිරයක් නොවනු ඇත; ඔබ දුවන කල පැකිළීමක් නොවනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ඔබ ඇවිදින කල ඔබට අවහිරයක් නොවනු ඇත; ඔබ දුවන කල පැකිළීමක් නොවනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹ යන කල නුඹේ පාද අවහිරනොවන්නේය; දුවන කල නුඹ නොපැකිලෙන්නෙහිය.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 4:12
15 හුවමාරු යොමු  

ඔබ මාගේ දෙපා යට මාගේ අඩි පාර පළල් කළ සේක. මාගේ පාද නො‍ලිස්සුවේ ය.


ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන්නන්ට ඉමහත් සාමයක් ඇත. කිසි අවහිරයක් ඔවුන්ට නැත.


මම නිදහස් ලෙස හැසිරෙන්නෙමි. මන්ද, ඔබේ නියෝග අනුව මම ජීවත් වීමි.


ඔබ මා යන මඟ පළල් කළ සේක; මාගේ දෙපා ස්ථිර ව පිහිටිණි.


මෙසේ ඔබ, දැහැමිකම ද යුක්තිය ද සත්‍යවාදී බව ද යන සියලු යහ මඟ තේරුම්ගන්නෙහි ය.


එවිට ඔබේ දෙපා නොපැකිළ, ඔබ සුව සේ ජීවන මඟ යනු ඇත;


දුදනන්ගේ මඟ ගනඳුරින් වැසී ඇත; තමන් කුමක පැටලෙත් දැ යි ඔව්හු නොදනිති.


ඔබ යන එන විට ඒවා මඟ පෙන්වයි; ඔබ නිදන විට රැකවල් කරයි; ඔබ අවදි වන විට අවවාද දෙයි.


ඔවුන් අඬමින් ද කන්නලව් කරමින් ද ගිය නමුත්, මම ඔවුන් සනසමින් ආපසු ගෙනෙන්නෙමි. දිය ඔයවල් අසලින්, නොපැකිළෙන, ඇද නැති මාවත් ඔස්සේ ඔවුන් ගෙන යන්නෙමි. මම ඉශ්රායෙල්වරුන්ගේ පියා වෙමි; එප්‍රායිම් මාගේ කුළුඳුල් පුත්‍රයා වන්නේ ය.


තවද: “එය පැකිළී වැටෙන පිණිස ගලක් ද, බාධා වන පිණිස පර්වතයක් ද වී ඇත.” මන්ද, ඔව්හු වචනයට අකීකරු වෙමින් පැකිළෙති. එය ඔවුන්ට නියමිත දේ විය.