හිතෝපදේශ 4:10 - Sinhala New Revised Version 2018 මාගේ පුත්‍රය, සවන් දී, මේ මාගේ අවවාද මුළු සිතින් පිළිගන්න. එවිට ඔබ දිගායු වළඳනු ඇත. Sinhala New Revised Version මාගේ පුත්‍රය, සවන් දී, මේ මාගේ අවවාද මුළු සිතින් පිළිගන්න. එවිට ඔබ දිගායු වළඳනු ඇත. Sinhala Revised Old Version මාගේ පුත්‍රය, කන්දී මාගේ කීම් පිළිගන්න; එවිට නුඹේ ජීවිතයේ අවුරුදු බොහෝ වන්නේය. |
එවිට ඔබ දිගායු වළඳන්නෙහි ය; චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය: සව් සිරින් වැඩිවන්නෙහි ය.
ජෙරමියා මෙසේ කී ය: “ස්ත්‍රීවරුනි, සමිඳාණන් වහන්සේගේ බසට සවන් දී උන් වහන්සේගේ වචන සිතට ගෙන, නුඹලාගේ දූවරුන්ට ළතෝනි කීමත්, එකිනෙකාට තම තමාගේ අසල්වැසි ස්ත්‍රියට විලාප කීමත් උගන්වන්න.
එසේ කළොත්, සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට පොරොන්දු වූ දේශයෙහි ඔබේ ආයු කාලයත් ඔබේ දරුදැරියන්ගේ ආයු කාලයත් මිහි පිට ඉර හඳ පවතින තාක් දික් වන්නේ ය.
‘දෙවි සමිඳාණන් වහන්සේ නුඹට අණ කළ පරිදි නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න. එවිට දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹ චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය; නුඹට සෙත සැලසෙනු ඇත.
ඔබට දිවි ඇති තාක්, ඔබත්, ඔබේ පුත්‍රයාත්, පුත්‍රයාගේ පුත්‍රයාත්, දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පාමින්, මා ඔබට අණ කළ උන් වහන්සේගේ සියලු ම නියෝග සහ අණපනත් රක්ෂා කළ යුතු ය. එසේ කළොත්, ඔබ චිරාත් කාලයක් ජීවත් වනු ඇත.
තවත් කරුණක් ගැන අපි දෙවියන් වහන්සේට නොකඩවා තුති පුදමු. දෙවියන් වහන්සේගේ පණිවුඩය අප ඔබ වෙත ගෙනා කල, ඔබ එය අසා පිළිගත්තේ මනුෂ්‍යයන්ගෙන් එන පණිවුඩයක් මෙන් නොව, ඇත්තෙන් ම දෙවියන් වහන්සේගෙන් ම එන පණිවුඩයක් හැටියට ය. මන්ද, අදහන ඔබ අතර ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේ ය.
පව්කාරයන් ගළවන්නට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ලෝකයට වැඩිය සේක යන කීම විශ්වාසකටයුතු, සියල්ලන් විසින් පිළිගත යුතු කියමනකි. ඔවුන් අතරෙන් ප්‍රධාන පව්කාරයා මම ය.