ඊයේ පැමිණි ඔබට අද අප සමඟ ඔබමොබ යන්නට සැලැස්විය යුතු ද? මම වනාහි මට යා හැකි කොතැනට වුව ද යමි. ඔබ හැරී ඔබේ සහෝදරයන් කැඳවාගෙන යන්න. කරුණාවත්, සැබෑකමත් ඔබ සමඟ වේවා”යි කී ය.
හිතෝපදේශ 3:3 - Sinhala New Revised Version 2018 පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න. ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න. Sinhala New Revised Version පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න. ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න. Sinhala Revised Old Version කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න. |
ඊයේ පැමිණි ඔබට අද අප සමඟ ඔබමොබ යන්නට සැලැස්විය යුතු ද? මම වනාහි මට යා හැකි කොතැනට වුව ද යමි. ඔබ හැරී ඔබේ සහෝදරයන් කැඳවාගෙන යන්න. කරුණාවත්, සැබෑකමත් ඔබ සමඟ වේවා”යි කී ය.
හිමිතුමාණන්ගේ ගිවිසුම හා ශික්ෂා පද පිළිපදින අයට එතුමාණන්ගේ සියලු මාවත් කරුණාවේ හා සත්‍යයේ මාවත් වනු ඇත.
තවද, සමිඳාණන් වහන්සේගේ මේ නීතිය ගැන නිතර ම කතා කරන පිණිස, මේ පිළිවෙත ඔබට, ඔබ අත ලකුණක් මෙන් ද, නළල මත සිහි වීමේ ලකුණක් මෙන් ද විය යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් ඔබ මිසරයෙන් පිටත ගෙනා සේක.
උන් වහන්සේ ඔහු ඉදිරියෙන් ගමන් කරමින්, “මම සමිඳාණන් වහන්සේ ය. මම දයානුකම්පාවෙන් පූර්ණ, වහා නොකිපෙන සුලු, මහා කාරුණික සහ විශ්වාසදායී දෙවියන් වහන්සේ ය;
දෙවිඳුන් කෙරේ පක්ෂපාත ව විශ්වාසී ව සිටින්න; දෙවිතුම ඔබේ පව් කමා කරනු ඇත. සමිඳුන් කෙරේ ගරුබිය දක්වන්න, කිසි නපුරක් ඔබට නොවනු ඇත.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජුදා වැසියෙනි, නුඹලාගේ පාපය යකඩ පෑනකින් ලියා තිබේ. වජ්‍ර තුඩකින් එය නුඹලාගේ සිත නමැති පුවරුවේ ද පූජාසනයේ නෙරා ඇති අං වැනි කොන්වල ද කොටා තිබේ.
ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න. මේ දේශයේ වැසියන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ චෝදනාවක් ඇත. “විශ්වාසකම වත්, කරුණාව වත්, දෙවියන් වහන්සේ පිළිබඳ දැනුමක් වත් දේශයේ නැත.
ඔව්හු අසත්‍යය නොව සත්‍යය ඉගැන්වූ හ. ඔව්හු සමගිකමෙන් හා අවංකකමෙන් මා සමඟ ජීවත් වී බොහෝ දෙනෙකු අපරාධයෙන් වළක්වාලූ හ.
“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ සුවඳතලා, ශතපුෂ්ප, සුදුදුරු යන මෙයින් දසයෙන් කොටස දෙන්නහු ය. එහෙත්, යුක්තිය ද දයාව ද ඇදහිල්ල ද යන ව්‍යවස්ථාවලියේ වඩා බරපතල කාරණා ඔබ පැහැර හරින්නහු ය. ඒවාත් පැහැර නොහැර, මේවාත් පිළිපැදිය යුතු ව තිබිණි.
ඔබ වනාහි අප විසින් එවන ලද ‘ක්‍රිස්තුන් වහන්සේගේ ලිපිය’ බව පැහැදිලි ය. එය ලියා ඇත්තේ තීන්තෙන් නොව, ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන ය. ගල් පුවරුවල නොව, මිනිස් සිත් නමැති පුවරුවල ය.
ආලෝකයට අයිති දරුවන් මෙන් හැසිරෙන්න. ආලෝකයේ ප්‍රතිඵල නම්, සියලු ආකාර යහපත්කමත්, දමිටුකමත්, සැබෑකමත් ය.
“ඒ දවස්වලින් පසු මා ඔවුන් සමඟ කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ මනසෙහි ලියන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කී පසු, යළිත්: