ප්‍රඥා සම්පත සොයාගන්නා, ඥාන සම්පත හිමි කරගන්නා, මිනිසාගේ වාසනාවක මහත!
ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය.
රත්රන් දී, එය මිලට ගත නොහැකි ය; එහි වටිනාකම රිදීයෙන් මිල කළ නොහැකි ය.
රතු කැට හෝ පළිඟු හෝ සඳහන් කරන්නට වත් උවමනාවක් නැත. ප්‍රඥාව මුතුවලට වඩා අගනේ ය.
එතියෝපියාවේ පුෂ්පරාග ඊට සම කළ නොහැකි ය; දඹ රනින් වත් එහි අගය නියම කළ නොහැකි ය.
ඔබ වදාළ ව්‍යවස්ථාව මසුරන් දහසකට වඩා මට අගේ ය.
රනට වඩා පැණ ද රිදියට වඩා නැණ ද ප්‍රසන්න ය.
හුදකලාව වසන මිනිසා තම මතය ම අනුගමනය කරයි; කවර උවදෙසකට වුව ද කිපෙයි.
රිදී සොයන්නාක් මෙන් ඇය සොයන්න; සැඟවී ඇති නිධානයක් මෙන් ඇය ගැන විපරම් කරන්න.
නුවණැත්තන්ට ඒ සියල්ල සක්සුදක් සේ පැහැදිලි ය; දැනුම ඇත්තන්ට ඒවා හරි බව වැටහේ.
එය ඇත්තේ මුහුදින් එතෙර ද නොවේ; එබැවින් එය අසා ඉටු කරන පිණිස අප වෙත ගෙන එන්නට කවරෙක් මුහුද තරණය කරන්නේ ද කියා කිසිවෙකුට කිව නොහැකි ය.