ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 24:33 - Sinhala New Revised Version 2018

තව ටිකක් නිදාගන්න, ටිකක් සැතපෙන්න, අත් දෙක පොරවාගෙන නිකම් ඉන්න,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තව ටිකක් නිදාගන්න, ටිකක් සැතපෙන්න, අත් දෙක පොරවාගෙන නිකම් ඉන්න,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තව ටිකක් නිදාගැනීමක්ය. ටිකක් සැතපීමක්ය; නින්දට ස්වල්ප අත්පොරවාගැන්මක්යයි

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 24:33
11 හුවමාරු යොමු  

අලසයා හා නාස්තිකාරයා එක වල්ලේ පොල් වැනි ය.


කුසීතකම බර නින්දට පමුණුවයි. කම්මැළියා සාගින්නෙන් පෙළෙයි.


නින්දට ප්‍රිය වුවහොත් ඔබට දිළිඳුකම ඇත. නොනිදා අවදි ව සිටියොත් කුස පුරා කෑම ඇත.


මම එය හොඳින් බලා, තේරුම්ගතිමි. මේ පාඩම ඉගෙනගතිමි:


එවිට ඔබ වෙත දිළිඳුකම සොරෙකු මෙන් ද හිඟකම අවි ගත් කෙනෙකු මෙන් ද පැමිණෙනු නියත ය.


දොර, අසව්ව පිට ඒ මේ අත හැරෙයි, අලසයා ද තම යහනේ ඒ මේ අත පෙරළෙයි.


“තමාගේ අත් දෙක අකුළාගෙන, වැඩක් නොකොට සාගින්නෙන් මැරෙන්නේ මෝඩයෙකැ”යි මිනිස්සු කියති.


මේ සියල්ලෙහි දී, තීරණාත්මක කාලය පැමිණ ඇති බව සිතට ගන්න. මෙය නින්දෙන් පිබිද සිටිය යුතු වේලාව ය. මන්ද, අප ඇදහීමට පටන්ගත් කාලයට වඩා, අපේ ගැළවීම දැන් ළං වී ඇත.


එසේ එළි වන දේ ආලෝකය බවට හැරේ. එබැවින් මෙසේ කියා ඇත: “නිදා සිටින ඔබ අවදි වන්න, මරණින් නැඟිටින්න, එවිට ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ ආලෝකය වන සේක.”