එවිට සලමොන් රජ ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමින්, “අදොනියා පැවසූ මේ වචන නිසා ඔහු මරණ පත් නොවන්නේ නම්, දෙවියන් වහන්සේ මට දැඩි ලෙස දඬුවම් දෙන සේක් වා!
හබක්කුක් 2:10 - Sinhala New Revised Version 2018 නුඹලාගේ උපායයන් නිසා නුඹලාගේ වංශය පිට නින්දාව පමුණුවාගෙන ඇත. බොහෝ ජාතීන් විනාශ කිරීම නිසා නුඹලා, තමන්ගේ ම විනාශය පමුණුවාගෙන ඇත. Sinhala New Revised Version නුඹලාගේ උපායයන් නිසා නුඹලාගේ වංශය පිට නින්දාව පමුණුවාගෙන ඇත. බොහෝ ජාතීන් විනාශ කිරීම නිසා නුඹලා, තමන්ගේ ම විනාශය පමුණුවාගෙන ඇත. Sinhala Revised Old Version බොහෝ ජනයන් සිඳදැමීමෙන් නුඹේ වංශයට ලජ්ජාව පැමිණෙන ලෙස නුඹ මන්ත්‍රණයකොට නුඹේම ප්‍රාණයට විරුද්ධව පව්කෙළෙහිය. |
එවිට සලමොන් රජ ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමින්, “අදොනියා පැවසූ මේ වචන නිසා ඔහු මරණ පත් නොවන්නේ නම්, දෙවියන් වහන්සේ මට දැඩි ලෙස දඬුවම් දෙන සේක් වා!
තවද, ඒ ලියුම ඔවුන්ට ලැබුණු කල ඔව්හු රජුගේ පුත්‍රයන් අල්ලා, හැත්තෑදෙනෙකු වූ ඔවුන් මරා, ඔවුන්ගේ හිස් පැස්වල දමා ජෙශ්‍රෙයෙල්හි ඔහු වෙත යැවුවෝ ය.
එනම්, සැබැවින් නාබොත්ගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ලේ ඊයේ දුටුවෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. තවද, මම මේ කෙතේ දී ඔබට විපාක දෙන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. එබැවින් ඔහු රැගෙන සමිඳාණන් වහන්සේ වදාළ ලෙස මේ කෙතෙහි දමන්නැ”යි කී ය.
රාජ කෝපය සිංහ රාජයෙකුගේ ගර්ජනාව මෙන් බියකරු ය; රජුන් කෝප කරන්නා සිය පණට හානියක් පමුණුවාගනියි.
නුඹලා කිසිම තේරුමක් නැති යෝජනා කරන්නහු ය. නුඹලා කරන සියලු දේ නිෂ්ඵල ය. ගින්නක් වැනි හුස්මක් නුඹලා දවාලන්නේ ය.
‘මේ මිනිසා දරුවන් නැති, තම ජීවිත කාලයේ දී කිසි සඵලයක් නොලැබූ මිනිසෙකැ’යි කියන්න. මන්ද, ඔහුගේ වංශයේ කිසිවෙකුට තවත් දාවිත්ගේ සිංහාසනයේ හිඳ ජුදා දේශයෙහි රජකම් කිරීමට නොලැබෙන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
එහෙත්, ජුදාවේ රජු වූ හෙසකියා සහ සියලු ජුදාවරු ඔහු මැරුවෝ ද? ඒ වෙනුවට හෙසකියා සමිඳාණන් වහන්සේට බිය වී උන් වහන්සේට කන්නලව් කෙළේ නැද් ද? සමිඳාණන් වහන්සේ ද ඔවුන්ට විරුද්ධ ව ප්‍රකාශ කළ විපත ගැන සිය අදහස් වෙනස් කළ සේක. දැන් අප, අප පිට ම දරුණු විපතක් පමුණුවාගන්නට ළඟ ය.
මම නුඹටත්, නුඹේ වංශයටත්, නුඹේ සේවකයන්ටත් නුඹලා සියලු දෙනාගේ අපරාධ නිසා දඬුවම් කරන්නෙමි. නුඹ වත්, ජෙරුසලමේ හා ජුදාවේ වැසියන් වත් මට සවන් නුදුන් නිසා මම නුඹලාට විරුද්ධ ව ප්‍රකාශ කළ සියලු විපත්ති නුඹලා පිට පමුණුවන්නෙමි.”
“එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවියන් වහන්සේ වන මම නුඹලාගෙන් මෙසේ ප්‍රශ්න කරමි: නුඹලාගෙන් කිසිවෙකු ඉතුරු නොවන ලෙස, නුඹලාගේ පුරුෂයන් ද ස්ත්‍රීන් ද ළදරුවන් ද කිරි දරුවන් ද ජුදෙව්වරුන් අතරෙන් සිඳදැමීමට කාරණය වන මේ මහත් නපුර කෙළේ මන් ද?
අසිරියන්වරුන් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේගේ නියෝගය මෙය වේ: “ඔවුන්ගේ නාමය තවත් ඉතිරි නොවන්නේ ය. ඔවුන්ගේ දේවාලවල ඇති කැපූ රූප හා වාත්තු පිළිම මම විනාශ කර දමන්නෙමි. ඔවුන් නීච නිසා ඔවුන්ගේ මිනී වළ මම පිළියෙළ කරන්නෙමි.”
ඒ අයුරින් නුඹලාත් ගෞරවයෙන් වෙනුවට නින්දාවෙන් පිරී සිටින්නහු ය. නුඹලාත් වෙරිමත් වන්නහු ය. සමිඳාණන් වහන්සේගේ දකුණු අතෙහි කුසලානෙන් නුඹලාට බොන්න සලස්වා උන් වහන්සේ නුඹලාගේ ගෞරවය අගෞරවයට හරවන සේක.
සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඒවායින් පිදූ බැවින් ඒවා ශුද්ධ ය. එබැවින් හෘදය සාක්ෂියට විරුද්ධ ව පව් කළ මේ අයගේ ධූම පාත්‍ර ගෙන, පූජාසනය වැසීම සඳහා ඒවා පැතලි තහඩුවලට තැළිය යුතු ය. ඒවා ඉශ්රායෙල් ජනයාට ලකුණක් වනු ඇතැ”යි වදාළ සේක.
මුළු සමූහයා උත්තර දෙමින්, “ඔහුගේ ලේවල පල විපාකය අප පිට ද අපේ දරුවන් පිට ද වේ වා”යි කී හ.