දෙවියන් වහන්සේ ලෝකය දෙස බලා එය දූෂ්‍ය වී ඇති බව දුටු සේක. මිහි පිට මිනිසාගේ කල්ක්‍රියා දරුණු ලෙස දූෂ්‍ය වී තිබුණේ ය.
ශෙපනියා 3:7 - Sinhala New Revised Version 2018 මාගේ සෙනඟ මට බිය වී මාගේ උපදෙස් පිළිගනු ඇතැ යි මම බලාපොරොත්තුවෙන් සිටියෙමි. ඔවුන්ට මා ඉගැන්වූ පාඩම ඔවුන් කිසි කලෙක අමතක නොකරති යි මම සිතුවෙමි. එහෙත්, ඔව්හු වැඩි වැඩියෙන් දූෂ්‍ය ලෙස හැසුරුණෝ ය. Sinhala New Revised Version මාගේ සෙනඟ මට බිය වී මාගේ උපදෙස් පිළිගනු ඇතැ යි මම බලාපොරොත්තුවෙන් සිටියෙමි. ඔවුන්ට මා ඉගැන්වූ පාඩම ඔවුන් කිසි කලෙක අමතක නොකරති යි මම සිතුවෙමි. එහෙත්, ඔව්හු වැඩි වැඩියෙන් දූෂ්‍ය ලෙස හැසුරුණෝ ය. Sinhala Revised Old Version මා විසින් ඈ ගැන නියමකළ සියල්ල ලෙස ඇගේ වාසස්ථානය සිඳදමනු නොලබන පිණිස: නුඹ මා කෙරෙහිම භයවී අවවාදය පිළිගන්නෙහියයි කීවෙමි. එහෙත් ඔව්හු අලුයම නැගිට තමුන්ගේ සියලු ක්‍රියාවල් දූෂ්‍යකළෝය. |
දෙවියන් වහන්සේ ලෝකය දෙස බලා එය දූෂ්‍ය වී ඇති බව දුටු සේක. මිහි පිට මිනිසාගේ කල්ක්‍රියා දරුණු ලෙස දූෂ්‍ය වී තිබුණේ ය.
ඒ නිසා සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධ ව එවූ සේක. ඔව්හු මනස්සේ අල්ලා විලංගුවලින් ද දම්වැල්වලින් ද බැඳ බබිලෝනියට ගෙන ගියෝ ය.
“නුඹට උගන්වන්නෙමි; යා යුතු මඟ ගැන උවදෙස් දෙන්නෙමි; මා දෙනෙතින් නුඹ දෙස බලා නුඹට දැනමුතුකම් දෙන්නෙමි.
මාගේ මිදි වත්ත උදෙසා මා කළ දේට අමතර ව තවත් කිසිවක් කරන්නට තිබුණේ ද? එසේ නම්, හොඳ මිදි පල මා බලාපොරොත්තු වන නමුත්, එහි වල් මිදි පල හට ගන්නේ මන් ද?
‘ඔව්හු මාගේ සෙනඟ ය, ඔව්හු වංචා නොකරති’යි සමිඳාණෝ වදාළ සේක. ඒ නිසා එතුමාණෝ ඔවුන්ගේ ගැළවුම්කාරයාණෝ වූ සේක.
නුඹලාගේ පියවරු මා දෙසට කන් යොමු කර මට සවන් නුදුන්නෝ ය. ඒ වෙනුවට නුඹලා සිත් දැඩි කරගෙන, මට කීකරු වුණේ වත්, මාගේ අවවාද පිළිගත්තේ වත් නැත.
ඔව්හු ඔබ අමතා, ‘සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පියවරුන්ටත් පුරාණයේ සිට සදාකාලයට ම දුන් දේශයෙහි ඔබ වාසය කරන පිණිස ඔබ හැම දෙනා ම ඔබේ අධම ජීවිතයෙන් ද නපුරු ක්‍රියාවලින් ද හැරී ආ යුතු ය’යි ද
මා ජුදා වංශයට කරන්නට අදහස් කරන සියලු විපත්ති ගැන සමහර විට ඔවුන් අසා, ඔවුන්ගේ නපුරු මාර්ගයෙන් හැරෙනු ඇත. එවිට මම ඔවුන්ගේ අපරාධයත්, පාපයත් කමා කරන්නෙමි.”
එකල ජෙරමියා ශෙදෙකියා අමතමින්, “සියලු බලැති දෙවියන් වහන්සේ වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කීවේ ය. “නුඹ ඇත්තට ම බබිලෝනියේ රජුගේ අධිපතීන්ගේ අතට භාර වූවොත්, නුඹේ පණ බේරා ගන්නෙහි ය. මේ නගරය ද ගින්නෙන් දවනු නොලබන්නේ ය. නුඹත්, නුඹේ වංශයත් ජීවත්වන්නෝ ය.
එම්බා ජෙරුසලම! මා නුඹෙන් වෙන් වී නොයන පිණිසත්, මා විසින් නුඹ පාළු, වැසියන් නැති දේශයක් කරනු නොලබන පිණිසත් මේ අනතුරු ඇඟවීම සිතට ගන්න.”
එවිට නුඹලාගේ පියවරුන්ට ආදියේ සිට සදාකාලයට ම මා දුන් මේ දේශයේ, මේ ස්ථානයේ, වාසය කිරීමට මම නුඹලාට ඉඩ දෙමි.
මම සාවධාන ව සවන් දිනිමි. එහෙත්, නුඹලා සැබෑව කතා නොකළහු ය. ‘මා කෙළේ කුමක් ද’ කියා අසමින්, තමාගේ දුෂ්ටකම ගැන පසුතැවිලි වන කිසිවෙක් මෙහි නැත. අශ්වයා යුද්ධයට වේගයෙන් දුවන සේ ඔව්හු සියල්ලෝ ම තමන් රිසි මඟට හැරී දුවති.
ගිබියාහි දී මෙන් ඔව්හු අතිශයෙන් දූෂණය වී සිටිති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පව් සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම් දෙන සේක.”
ඈ සමිඳාණන් වහන්සේගේ හඬට සවන් නුදුන්නා ය; අවවාදය නොපිළිගත්තා ය. ඈ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ වත්, ඇගේ දෙවියන් වහන්සේට ළං වුණේ වත් නැත.
එබැවින් ඔබ පවට නොවැටෙන පිණිස කිසි ම නෙළූ පිළිමයක් වත්, ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ සමාන කිසි ම රූපයක් වත්,
මේ අවවාදයේ අදහස නම්, පිරිසිදු සිතකින් ද, යහපත් හෘදය සාක්ෂියෙන් ද, අවංක ඇදහිල්ලෙන් ද නික්මෙන ප්‍රේමය වර්ධනය කිරීම යි.
පමා වී ඇතැ යි සමහරුන් සිතන නමුත්, සමිඳාණන් වහන්සේ සිය පොරොන්දු ඉටු කිරීමට පමා වී නැත. එහෙත්, කිසිවෙකු විනාශ වීම උන් වහන්සේගේ කැමැත්ත නොවන බැවින්, සියල්ලනට පසුතැවී සිත් හරවා ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙනු පිණිස උන් වහන්සේ ඔබ ගැන බොහෝ කල් ඉවසන සේක.