ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 9:8 - Sinhala New Revised Version 2018

සමහරුන්, ‘එලියා පහළ වූයේ ය’ කියාත්, අන් සමහරුන්, ‘පෙර සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් උත්ථාන වී ය’ කියාත් කී බැවිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමහරුන්, ‘එලියා පහළ වූයේ ය’ කියාත්, අන් සමහරුන්, ‘පෙර සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් උත්ථාන වී ය’ කියාත් කී බැවිනි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

දිවැසිවර එලියා පැමිණ ඇතැයි ද අන් සමහරු, පෙර විසූ දිවැසිවරයකු යළිත් නැගිට ඇතැයි ද කී බැවිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සමහරෙක්: එලියා පහළවුණේය කියාත්, අන් සමහරෙක්: පෙර සිටි අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙක් නැගුටුණේය කියාත් කීවෝය.

පරිච්ඡේදය බලන්න



ලූක් 9:8
6 හුවමාරු යොමු  

ඔව්හු කතා කොට, “සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’ කියා ද සමහරෙක්, ‘එලියා ය’ කියා ද, අන් සමහරෙක් ‘ජෙරෙමියා නොහොත් දිවැසිවරයන්ගෙන් කෙනෙක් ය’ කියා ද කියති”යි කී හ.


උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, “එසේ නම්, එලියා පළමුවෙන් එන්න යුතු ය යි විනයධරයන් කියන්නේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.


එහෙත් සමහරු, “මොහු එලියා ය”යි කී හ. අන් සමහරු, “මොහු පෙර සිටි දිවැසිවරයන් වැනි දිවැසිවරයෙකැ”යි කී හ.


ඔව්හු උත්තර දෙමින්, “සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’යි කියති; සමහරෙක්, ‘එලියා ය’යි කියති; අන් සමහරෙක්, ‘දිවැසිවරයන්ගෙන් කෙනෙකැ’යි කියති”යි පැවසූ හ.


ඔව්හු, “සමහරු ‘ස්නාවක-ජොහන් ය’ කියාත් සමහරු ‘එලියා ය’ කියාත් අන් සමහරු, ‘ආදියෙහි සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් නැවත උත්ථාන වී ය’ කියාත් කියති”යි පිළිතුරු දුන්හ.


“එසේ නම් කිමෙක් ද? ඔබ එලියා දැ”යි ඔව්හු ඇසූ හ. “නැතැ”යි ඔහු කී ය. “ඔබ ඒ දිවැසිවරයා ද?” යන ප්‍රශ්නයටත්, “නැතැ”යි ඔහු කී ය.