ස්ත්‍රීවරුන් මඟ යද්දී මුර සෙබළුන්ගෙන් සමහරෙක් නුවරට පැමිණ, ඒ මුළු සිද්ධිය නායක පූජකවරුන්ට දැන්වූ හ.
ලූක් 8:34 - Sinhala New Revised Version 2018 ඌරු ගොව්වෝ සිදු වූ දේ දැක, පලා ගොස් නුවරෙහි ද ගම්මානයෙහි ද එපවත් දැන්වූ හ. Sinhala New Revised Version ඌරු ගොව්වෝ සිදු වූ දේ දැක, පලා ගොස් නුවරෙහි ද ගම්මානයෙහි ද එපවත් දැන්වූ හ. සිංහල කාලීන පරිවර්තනය සිදු වූ දේ දුටු ඌරු පල්ලෝ දුව ගොස්, නගරයේත්, ගමේත් ඒ වග පතළ කළහ; Sinhala Revised Old Version ඌරු රැකවල්ලු සිදුවූ දේ දැක, පලාගොස්, නුවරත් ගම්වලත් එපවත් දැන්වුවෝය. |
ස්ත්‍රීවරුන් මඟ යද්දී මුර සෙබළුන්ගෙන් සමහරෙක් නුවරට පැමිණ, ඒ මුළු සිද්ධිය නායක පූජකවරුන්ට දැන්වූ හ.
ඌරු ගොවුවෝ පලා ගොස් නුවරට පැමිණ ඒ සියල්ල ද දුෂ්ටාත්මාවේශ වූවන්ට සිදුවූ දේ ද පැවසූ හ.
ඌරු ගොවුවෝ පලා ගොස්, නුවර ද ගම්මානයේ ද එපවත් පතළ කළෝ ය. එවිට සිදුවූ දේ කුමක් දැ යි බලන පිණිස මිනිස්සු නික්ම ආහ.
දුෂ්ටාත්මයෝ ඒ මිනිසාගෙන් දුරු ව ගොස් ඌරන්ට ආවේශ වූ හ; එකල ඌරු රැළ ප්‍රපාතයෙන් පහළ විලට වේගයෙන් දිව ගොස් ගිලී මළෝ ය.
ඒ සිද්ධිය බලන පිණිස මිනිස්සු පිටත් ව අවුත්, ජේසුස් වහන්සේ වෙත පැමිණ, දුෂ්ටාත්මයන් දුරු කරනු ලැබූ මිනිසා ඇඳුම් ඇඳ, හොඳ සිහි කල්පනාවෙන් ජේසුස් වහන්සේගේ පාමුල ඉඳිනු දැක බිය වූ හ.