ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 7:49 - Sinhala New Revised Version 2018

උන් වහන්සේ සමඟ කෑමට සිටි අය, “පව් කමාව පවා දෙන මොහු කවරෙක් දැ”යි තම තමන් අතර විමසූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

උන් වහන්සේ සමඟ කෑමට සිටි අය, “පව් කමාව පවා දෙන මොහු කවරෙක් දැ”යි තම තමන් අතර විමසූ හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එවිට කෑමට හිඳ සිටි අය ඔවුනොවුන් අතරේ කතා කරමින්, “පාප කමාව පවා දෙන මොහු කවරෙක් දැ?” යි පවසන්නට වන්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේ සමඟ කෑමට හිඳගන උන් අය: පව්කමාව පවා දෙන මොහු කවුදැයි තමුන් තුළ කියාගන්ට පටන්ගත්තෝය.

පරිච්ඡේදය බලන්න



ලූක් 7:49
4 හුවමාරු යොමු  

තවද, ජේසුස් වහන්සේ ඔහුගේ නිවෙසහි වැඩහුන් කල, බොහෝ අයකැමියෝ ද පව්කාරයෝ ද අවුත් උන් වහන්සේ සහ ශ්‍රාවකයන් සමඟ හිඳගත්හ.


එකල විනයධරයන්ගෙන් ඇතැමෙක්, “මොහු දෙවියන් වහන්සේට අපහාස කරන්නේ ය”යි තමන්ට ම කියාගත්හ.


“මේ මිනිහා මෙසේ කතා කරන්නේ මක්නිසා ද? මේ දේවාපහාසයකි! දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් වෙන කාට දැ”යි සිතූ හ.