“මාගේ නීති නුඹලා ඉටු කළ යුතු ය. නුඹලාගේ ගවයන්ට වෙන වර්ගයක සතුන් සමඟ පට්ටි ගැසීමට ඉඩ නොදිය යුතු ය. දෙවර්ගයක ධාන්‍ය බීජ නුඹලාගේ කෙතේ නොවැපිරිය යුතු ය. හණ සහ ලෝම මිශ්‍ර ව සාදන ලද වස්ත්‍රයක් ද ඇඟලා නොගත යුතු ය.
ලූක් 5:36 - Sinhala New Revised Version 2018 උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව ද වදාළ සේක: “කිසිවෙකු අලුත් ඇඳුමකින් රෙදිකඩක් ඉරා පරණ ඇඳුමකට අල්ලා මහන්නේ නැත. එසේ කළොත් අලුත් ඇඳුම ඉරී යනවා පමණක් නොව, අලුත් ඇඳුමෙන් ගත් කෑල්ල පරණ ඇඳුමට කැපෙන්නේ ද නැත. Sinhala New Revised Version උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව ද වදාළ සේක: “කිසිවෙකු අලුත් ඇඳුමකින් රෙදිකඩක් ඉරා පරණ ඇඳුමකට අල්ලා මහන්නේ නැත. එසේ කළොත් අලුත් ඇඳුම ඉරී යනවා පමණක් නොව, අලුත් ඇඳුමෙන් ගත් කෑල්ල පරණ ඇඳුමට කැපෙන්නේ ද නැත. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ ඔවුන්ට උපමා කතාවක් කියමින්, “කිසිවකු අලුත් ඇඳුමකින් රෙදි කඩක් ඉරා, පරණ ඇඳුමකට අණ්ඩ දමන්නේ නැත. එසේ කළොත්, අලුත් ඇඳුම ඉරා දැමෙනවාත් හැර, අලුත් කැබැල්ල පරණ එකට ගැලපෙන්නේ ද නැත. Sinhala Revised Old Version උන්වහන්සේ ඔවුන්ට උපමාවක්ද කියමින්: කිසිවෙක් අලුත් වස්ත්‍රයකින් කැබෙල්ලක් ඉරාගෙන පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මැහුවොත් අලුත් එක ඉරෙනවාත් ඇර අලුත් එකෙන් ගත් කැබෙල්ල පරණ එකට සම නොවන්නේය. |
“මාගේ නීති නුඹලා ඉටු කළ යුතු ය. නුඹලාගේ ගවයන්ට වෙන වර්ගයක සතුන් සමඟ පට්ටි ගැසීමට ඉඩ නොදිය යුතු ය. දෙවර්ගයක ධාන්‍ය බීජ නුඹලාගේ කෙතේ නොවැපිරිය යුතු ය. හණ සහ ලෝම මිශ්‍ර ව සාදන ලද වස්ත්‍රයක් ද ඇඟලා නොගත යුතු ය.
එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවස එයි, ඒ දවසේ දී ඔවුන් උපවාස කරනු ඇතැ”යි වදාළ සේක.
කිසිවෙකු නව මිදියුස, පැරණි බඳුන්වලට වත් කරන්නේ නැත; වත් කළොත්, නව මිදියුසින් බඳුන් පැළී මිදියුස වැගිරී, බඳුනුත් නාස්ති වෙයි.
දේව මාලිගාව හා දේවතා පිළිම අතර සමානකමක් ඇද් ද? නැත. අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මන්දිර වෙමු. ඒ බව දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ඔවුන් සමඟ වාසය කරන්නෙමි, ගැවසෙන්නෙමි, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය.”