මා එතුමන් ඇමතූ විට එතුමන්ගෙන් පිළිතුරක් ලැබුණේ ය. එතුමාණෝ මට සවන් දෙන සේකැ යි විශ්වාස කළ හැකි ද?
ලූක් 24:41 - Sinhala New Revised Version 2018 ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකොට පුදුම වෙමින් සිටිය දී, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “කෑමට යමක් මෙහි ඔබ වෙත තිබේ දැ”යි ඇසූ සේක. Sinhala New Revised Version ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකොට පුදුම වෙමින් සිටිය දී, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “කෑමට යමක් මෙහි ඔබ වෙත තිබේ දැ”යි ඇසූ සේක. සිංහල කාලීන පරිවර්තනය ප්‍රීතිය නිසා තවමත් විශ්වාස කළ නො හැකිව, ඔවුන් විස්මයෙන් සිටියදී, උන්වහන්සේ ඔවුන් අමතමින්, “කෑමට යමක් මෙහි ඔබ ළඟ තියෙනවා දැ?” යි ඇසූ සේක. Sinhala Revised Old Version ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකර පුදුමව සිටියදී, උන්වහන්සේ ඔවුන්ට කථාකොට: කන්ට යමක් මෙහි නුඹලා ළඟ තිබේදැයි ඇසූසේක. |
මා එතුමන් ඇමතූ විට එතුමන්ගෙන් පිළිතුරක් ලැබුණේ ය. එතුමාණෝ මට සවන් දෙන සේකැ යි විශ්වාස කළ හැකි ද?
එහෙත්, උන් වහන්සේ ජීවමාන ව සිටින බව ද ඇයට දර්ශනය වූ බව ද ඇසූ විට ඔව්හු එය විශ්වාස නො කළහ.
පසුව ජේසුස් වහන්සේ, එකොළොස් දෙනා ආහාර වළඳමින් සිටිය දී ඔවුන්ට ද දර්ශනය වී, උන් වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කීදේ ඔවුන් නොඇදහූ නිසා, ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩි කම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක.
ඔවුන් ළඟ කුඩා මසුන් ස්වල්පයක් ද විය. උන් වහන්සේ ආශීර්වාදය පවසා, එය ද ඔවුන් ඉදිරියේ තබන්න අණ කළ සේක.
එමෙන් ම ඔබ දැන් ශෝක වන්නහු ය. එහෙත් නැවත මම ඔබ දකින්නෙමි. එවිට ඔබේ සිත් ප්‍රීතියෙන් පිනා යයි. ඔබේ ප්‍රීතිය ද කිසිවෙක් ඔබෙන් පැහැර නොගනිති.
එවිට ජේසුස් වහන්සේ, “මිත්‍රයෙනි, ඔබ ළඟ මාළු තිබේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු, “නැතැ”යි කී හ.
ඈ පේදුරුගේ කටහඬ ඇඳින, ප්‍රීතිය නිසා දොරවත් නෑර, ඇතුළට දිව ගොස්, පේදුරු පිටත දොරකඩ ළඟ සිටින බව සැළ කළා ය.