පේදුරු මළුවෙහි පිටත වාඩි වී සිටියේ ය. සේවිකාවක් ඔහු වෙත අවුත්, “ඔබත් ඒ ජේසුස් නම් ගලීලයා සමඟ සිටියෙහි ය”යි කීවා ය.
ලූක් 23:6 - Sinhala New Revised Version 2018 පිලාත් ඒ අසා, “මේ මනුෂ්‍යයා ගලීලයෙක් දැ”යි විචාළේ ය. Sinhala New Revised Version පිලාත් ඒ අසා, “මේ මනුෂ්‍යයා ගලීලයෙක් දැ”යි විචාළේ ය. සිංහල කාලීන පරිවර්තනය ඒ ඇසූ පිලාත් ඒ මනුෂ්‍යයා ගලීලයෙක්දැයි ඇසී ය. Sinhala Revised Old Version පිලාත් ඒ අසා, මේ මනුෂ්‍යයා ගලීලයෙක්දැයි විචාළේය. |
පේදුරු මළුවෙහි පිටත වාඩි වී සිටියේ ය. සේවිකාවක් ඔහු වෙත අවුත්, “ඔබත් ඒ ජේසුස් නම් ගලීලයා සමඟ සිටියෙහි ය”යි කීවා ය.
ඒ අවස්ථාවෙහි එහි සිටි සමහරෙක් කතා කොට, පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේ ම යාග සමඟ මිශ්‍ර කළ අන්දම ගැන උන් වහන්සේට දැන්වූ හ.
එහෙත් ඔව්හු පිළිතුරු දෙමින්, “මොහු ගලීලයේ සිට මෙතැන දක්වා ජුදය මුළුල්ලෙහි උගන්වමින් සෙනඟ කළඹන්නේ ය”යි තරයේ ම කියා සිටියහ.
එවිට පිලාත් උන් වහන්සේ හෙරොද්ගේ ප්‍රදේශයට අයිති බව දැන, හෙරොද් ඒ දවස්වල ජෙරුසලමෙහි සිටි බැවින්, උන් වහන්සේ ඔහු වෙත යැවී ය.
ඔහුට පසු, සංගණනය කළ දවස්වල ගලීලයේ ජූදස් ඉදිරිපත් වී ජනයාගෙන් සමහර දෙනෙකු තමා වෙතට දිනාගත්තේ ය. ඔහු ද විනාශ විය. ඔහුගේ අනුගාමිකයෝ ද විසුරුවනු ලැබූ හ.