ඔහු ඊට එකඟ වී, සෙනඟ නැති වේලාවක උන් වහන්සේ ඔවුන් අතට පාවා දෙනු පිණිස සුදුසු අවස්ථාවක් සෙවී ය.
ඔහු ඊට කැමතිව, ජනයා නො ගැවසෙන විටෙක ඔවුන් අතට උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් ගැන සෙවිල්ලෙන් සිටියේ ය.
ඔහු ඊට එකඟවී, සමූහයා ළඟ නැති විටක උන්වහන්සේ ඔවුන්ට පාවාදෙන්ට ප්‍රස්තාවක් සෙවීය.
එහෙත්, “සෙනඟ අතර කෝලාහලයක් සිදු නොවන පිණිස මංගල්‍යය කාලයේ දී එය නොකරමු”යි කී හ.
“එහෙත්, සෙනඟ අතර කලකෝලාහල ඇති නොවන පිණිස මංගල්‍යයේ දී එය සිදු නොකරමු”යි ඔව්හු කී හ.
ඔව්හු ඉතා සතුටු ව ඔහුට මුදල් දීමට පොරොන්දු වූ හ.
පාස්කු බැටළුවා පූජා කළ යුතු නුමුහුන් පූප මංගල්‍යය පවත්වන දවස පැමිණියේ ය.