ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 22:38 - Sinhala New Revised Version 2018

ඔව්හු කතා කරමින්, “ස්වාමීනි, බැලුව මැනව, කඩු දෙකක් මෙ‍හි ඇතැ”යි කී හ. උන් වහන්සේ ද: “ඔය ඇති”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු කතා කරමින්, “ස්වාමීනි, බැලුව මැනව, කඩු දෙකක් මෙ‍හි ඇතැ”යි කී හ. උන් වහන්සේ ද: “ඔය ඇති”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“ස්වාමිනි මේ බලන්න; කඩු දෙකක්ම මෙහි තියෙනවා” යි ඔවුහු කීහ. “ඒ සෑහේයැ” යි උන්වහන්සේ ඔවුන්ට පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු: ස්වාමිනි, බැලුව මැනව, කඩු දෙකක් මෙහි තිබේයයි කීවෝය. උන්වහන්සේද: ඇතැයි ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න



ලූක් 22:38
9 හුවමාරු යොමු  

උන් වහන්සේ හා සමඟ සිටි අයගෙන් කෙනෙක්, අතින් කඩුව ගෙන නායක පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපා දැමී ය.


උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “එහෙත් දැන් පසුම්බියක් ඇති තැනැත්තා එය ගනී වා, එසේ ම මල්ලක් ද ගනී වා, කඩුවක් නැති තැනැත්තා තම සළුව විකුණා, කඩුවක් මිළ දී ගනී වා.


උන් වහන්සේ සමඟ සිටි අය සිදු වන්න යන දෙය දැක, “ස්වාමීනි, කඩු පහරක් දෙමු දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.


ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැත. මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති වූවක් නම්, ජුදෙව්වරුන් අතට මා භාර නොදෙන පිණිස මාගේ සේවකයන් සටන් කරනු ඇත. ඒ නිසා මාගේ රාජ්‍යය මෙලොවින් වූවක් නොවේ ය”යි වදාළ සේක.


එහෙත් දවාලට අයිති අපි, සිහි කල්පනාව ඇතිව සිටිමු. ඇදහිල්ලත් ප්‍රේමයත් නමැති ළය වැස්ම ද, ගැළවීමේ බලාපොරොත්තුව නමැති යුද්ධ තොප්පිය ද පැළඳගනිමු.


ලොව පුරා සිටින ඔබගේ සහෝදරයන් එම දුක් කරදරවලට ම භාජන වන බව ඔබ දන්නා බැවින්, ඔබගේ ඇදහිල්ලෙහි ස්ථීර ව සිට, යක්ෂයාට විරුද්ධ වන්න.