ලූක් 22:33 - Sinhala New Revised Version 2018 ඔහු උත්තර දෙමින්, “ස්වාමීනි, ඔබ හා සමඟ හිරේ යාමට හා මරණයට වුව ද මම සූදානම් ව සිටිමි”යි උන් වහන්සේට කී ය. Sinhala New Revised Version ඔහු උත්තර දෙමින්, “ස්වාමීනි, ඔබ හා සමඟ හිරේ යාමට හා මරණයට වුව ද මම සූදානම් ව සිටිමි”යි උන් වහන්සේට කී ය. සිංහල කාලීන පරිවර්තනය පේතෘස් කතා කරමින්, “ස්වාමිනි ඔබ සමඟ හිරේ යන්නටත්, මැරෙන්න යන්නටත් මා සූදානම්” යැයි උන්වහන්සේට කීවේ ය. Sinhala Revised Old Version ඔහුද: ස්වාමීනි, ඔබ සමඟ හිරගෙටත් මරණයටත් යන්ට සූදානම්ව සිටිමියි උන්වහන්සේට කීවේය. |
සමිඳුනි, මිනිසාගේ සරණ මිනිසා ම නොවන බවත්, ඔහු යා යුතු මඟ නියම කිරීම ඔහුට ම අයිති නැති බවත් ඔබ දන්න සේක.
එහෙත්, ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ඉල්ලන්නේ කුමක් දැ යි ඔබ ම දන්නේ නැත. මා බොන්න යන දුක් වේදනා නමැති කුසලානෙන් බොන්න ඔබට හැකි දැ”යි ඇසූ සේක. “අපට හැකි ය”යි ඔව්හු පිළිතුරු දුන්හ.
පේදුරු කතා කොට, “අන් හැම දෙනා ම අධෛර්යයට පත් වුණත්, මම නම් එසේ නොවන්නෙමි”යි උන් වහන්සේට කී ය.
එහෙත්, ඔහු “මට ඔබ වහන්සේ සමඟ මැරෙන්න සිදු වුණත් ‘ඔබ නාඳුනමි’යි කියන්නේ ම නැතැ”යි තරයේ ම කියා සිටියේ ය. සෙසු සියල්ලෝ ද එසේ ම කී හ.
ජේසුස් වහන්සේ කතා කරමින්, “පේදුරු, මම මෙය ඔබට කියමි, ඔබ මා නොදන්නා බව තුන් වරක් කියන තුරු, අද රෑ කුකුළා නොහඬළන්නේ ය”යි වදාළ සේක.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා නිසා ඔබේ දිවි පුදන්නෙහි ද? ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, කුකුළා හඬලන්නට පෙර, ඔබ මා නොහඳුනති යි තුන් වරක් කියනු ඇතැ”යි වදාළ සේක.
එවිට පාවුලු උත්තර දෙමින්, “ඔබ කුමක් කරන්නහු ද? හැඬීමෙන් මාගේ අධිෂ්ඨානය දුර්වල කරන්නේ මන් ද? මම ජෙරුසලමේ දී ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය නිසා හිරගෙට පමණක් නොව මැරෙන්නට වුවත් සූදානම් ව සිටිමි”යි කී ය.