ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 19:34 - Sinhala New Revised Version 2018

“සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇතැ”යි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇතැ”යි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔවුහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේට ඌ වුවමනා වී ඇතැ” යි කීහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේට ඌ ඕනෑයයි ඔව්හු කීවෝය.

පරිච්ඡේදය බලන්න



ලූක් 19:34
6 හුවමාරු යොමු  

සියොන් පුරඟන, ප්‍රීති ප්‍රමෝද වන්න; ජෙරුසලම් පුරඟන සොම්නස් හඬ නඟන්න. ඔබේ රජතුමාණෝ ඔබ වෙත වඩින සේක. එතුමාණෝ, ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙන සේක. යටහත් සිතින් කොටළුවෙකු පිට නැඟ, එසේ ය, කොටළු දෙනකගේ පැටවෙකු පිට නැඟ පැමිණෙන සේක.


ඔවුන් කොටළු නාම්බා ලිහන කල අයිතිකාරයෝ “ඔබ කොටළු නාම්බා ලිහන්නේ මන්දැ”යි ඇසූ හ.


ඔව්හු කොටළු නාම්බා උන් වහන්සේ වෙත ගෙනවුත්, තමන්ගේ උතුරු සළු ඌ පිට අතුරා, ජේසුස් වහන්සේ ඌ පිට හිඳවූ හ.


එය ප්‍රතික්ෂේප කළ නොහැකි ය. ඒ ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, දෙවියන් වහන්සේගේ වචනය දෙනු ලැබූවන්ට දෙවිවරු යයි උන් වහන්සේ වදාළ සේක. ඒ ශුද්ධ ලියවිල්ල ප්‍රතික්ෂේප කළ නොහැකි ය.


උන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ සිද්ධිය කලින් තේරුම් නොගත් නමුත්, ජේසුස් වහන්සේ මහිම ප්‍රාප්ත වූ විට, උන් වහන්සේ ගැන මෙසේ ලියා තිබුණු බවත්, සෙනඟ මේ සියල්ල උන් වහන්සේ උදෙසා කළ බවත් සිහි කළහ.


අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ත්‍යාගශීලී කරුණාව ඔබ දන්නහු ය. උන් වහන්සේ ධනවත් ව සිටි නමුත්, තමන් වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන ඔබ ධනවත් වන පිණිස ඔබ උදෙසා දිළිඳු වූ සේක.