එහි නාසරෙත් නුවර විසී ය. මෙසේ වූයේ, “උන් වහන්සේ නාසරීයයෙකැ”යි දිවැසිවරයන් විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.
ලූක් 18:37 - Sinhala New Revised Version 2018 එවිට ඔව්හු නාසරෙත්හි ජේසුස් වහන්සේ ඒ ළඟින් යන බව ඔහුට කී හ. Sinhala New Revised Version එවිට ඔව්හු නාසරෙත්හි ජේසුස් වහන්සේ ඒ ළඟින් යන බව ඔහුට කී හ. සිංහල කාලීන පරිවර්තනය “නාසරෙත්හි යේසුස්වහන්සේ මෙතැන පසුකර යති” යි ඔවුහු ඔහුට කීහ. Sinhala Revised Old Version එවිට ඔව්හු නාසරිය යේසුස්වහන්සේ ඒ ළඟින් යන බව ඔහුට කීවෝය. |
එහි නාසරෙත් නුවර විසී ය. මෙසේ වූයේ, “උන් වහන්සේ නාසරීයයෙකැ”යි දිවැසිවරයන් විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.
උන් වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු වී විසූ සේක. උන් වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක් ම සිත්හි නිදන් කරගත්හ.
පිලිප් ද නතානියෙල් සොයා ගෙන, “මෝසෙස් ව්‍යවස්ථාවලියෙහි හා දිවැසාවලියෙහි සඳහන් කර ඇති තැනැන් වහන්සේ, එනම්, ජෝසෙප්ගේ පුත් නාසරෙත්හි ජේසුස් වහන්සේ අපට හමු වූ සේකැ”යි කී ය.
තවද පිලාත් නාම පුවරුවක් ලියවා කුරුසිය මත තැබෙව්වේ ය. ‘ජුදෙව්වරුන්ගේ රජ වූ නාසරෙත්හි ජේසුස් ය’යි එහි ලියා තිබිණි.
“ඉශ්රායෙල් ජනයිනි, මේ වචනයට සවන් දෙන්න. ඔබ ම දන්නා ලෙස, නාසරෙත්හි ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කළ මනුෂ්‍යයෙකි. ඒ බව, දෙවියන් වහන්සේ උන් වහන්සේ මඟින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින් ද අරුමපුදුම දේවලින් ද ලකුණුවලින් ද පෙන්වූ සේක.
එයට අපේ පිළිතුර මෙසේ ය: ඔබ විසින් කුරුසියේ ඇණ ගසන ලද්දා වූ ද දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරන ලද්දා වූ ද නාසරෙත්හි ජේසුස් වහන්සේගේ අනුහසින් ඔබ ඉදිරියේ මේ මිනිසා සුව සම්පන්න ව සිටියි. ඒ බව ඔබ සියලු දෙනාත්, මුළු ඉශ්රායෙල් ජනයාත් දැන ගනිත් වා.
මන්ද, “ප්‍රසාදජනක කාලයේ දී මම ඔබට සවන් දුනිමි, ගැළවීමේ දවසේ දී මම ඔබට පිහිට වුණෙමි”යි දෙවියන් වහන්සේ වදාරන සේක. මෙය ප්‍රසාදජනක කාලය යි. මෙය ගැළවීමේ දවස යි.