එබැවින් නාමන්ගේ කුෂ්ඨය ඔබටත්, ඔබේ වංශයටත් නිරතුරු ම වැළදෙන්නේ ය”යි ඔහුට කී ය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨයක් ඇති ව ඔහුගෙන් ඉවත් ව ගියේ ය.
ලූක් 17:12 - Sinhala New Revised Version 2018 උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ කල, ලාදුරු රෝගීහු දස දෙනෙක් උන් වහන්සේට හමු වූ හ. Sinhala New Revised Version උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ කල, ලාදුරු රෝගීහු දස දෙනෙක් උන් වහන්සේට හමු වූ හ. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ එක් ගමකට ඇතුළු වූ කල, කුෂ්ඨ රෝගීන් දහ දෙනෙක් උන්වහන්සේට හමු විණ. ඔවුහු ඈතින් නැවතී සිට, Sinhala Revised Old Version උන්වහන්සේ එක්තරා ගමකට ඇතුල්වන කල, කුෂ්ඨරෝගීන් දසදෙනෙක් උන්වහන්සේට සම්මුඛවූවෝය. |
එබැවින් නාමන්ගේ කුෂ්ඨය ඔබටත්, ඔබේ වංශයටත් නිරතුරු ම වැළදෙන්නේ ය”යි ඔහුට කී ය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨයක් ඇති ව ඔහුගෙන් ඉවත් ව ගියේ ය.
කුෂ්ඨ රෝගීහු සතර දෙනෙක් වාසල් දොරකඩ සිටියෝ ය. ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි නහින තුරු කුමට මෙහි සිටිමු ද?
යළිත් උන් වහන්සේ කතා කොට, “නැවත නුඹේ අත ළයෙහි තබන්නැ”යි වදාළ විට ඔහු තම අත ළයෙහි තැබී ය. එය ළයෙන් ඉවතට ගත් විට, පුදුමයකි, එය තම මාංසය මෙන් ප්‍රකෘති ස්වභාවයට හැරී තිබිණි.
ඉන්පසු සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඇගේ පියා ඇගේ මූණට කෙළ ගැසී නම්, ඈ දින හතක් තුළ ලජ්ජා නොවිය යුතු ද? එබැවින් දින හතකට ඈ කඳවුරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය. ඉන්පසු ඇය කඳවුර තුළට බාර ගත හැකි ය”යි වදාළ සේක.
එහෙත් අයකැමියා ඈතින් සිට ස්වර්ගය දෙස ඇස් ඔසවා බලන්නට වත් නොසිතා, තමාගේ ළයට ගසාගනිමින්, ‘දෙවියන් වහන්ස, පව්කාර වූ මා හට කරුණා කළ මැනවැ’යි කී ය.
තවද උන් වහන්සේ එක් නුවරක සිටිය දී, සර්වාංගයෙහි ලාදුරු තිබුණු මිනිසෙක් එහි විය. ඔහු ජේසුස් වහන්සේ අබිමුවෙහි වැඳ වැටී, “ස්වාමීනි, ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය” කියමින් උන් වහන්සේට කන්නලව් කෙළේ ය.