ඔවුන් බැටළු රැළක් මෙන් මරණයට නියම වී ඇත; ඔවුන්ගේ එඬේරා මරණය වී ඇත. ඔවුන් කෙළින් ම යන්නේ මිනී වළට ය, ඔවුන්ගේ සිරුරු දිරා යන්නේ ය. ඔවුන්ගේ නිවාසය පාතාලය වන්නේ ය.
ලූක් 16:26 - Sinhala New Revised Version 2018 එපමණකුත් නොවේ. මොබින් ඔබ වෙත යාමට වත් ඔබින් අප වෙත ඒමට වත් කැමැති වූවන්ට එය කළ නොහැකි වන සේ ඔබ හා අප හා අතර පරතරයක් පිහිටුවා ඇතැ’යි කී ය. Sinhala New Revised Version එපමණකුත් නොවේ. මොබින් ඔබ වෙත යාමට වත් ඔබින් අප වෙත ඒමට වත් කැමැති වූවන්ට එය කළ නොහැකි වන සේ ඔබ හා අප හා අතර පරතරයක් පිහිටුවා ඇතැ’යි කී ය. සිංහල කාලීන පරිවර්තනය ඒ හැමට වඩා, මෙහි සිට ඔබ වෙත යන්නට කැමති අයට එය කළ නො හැකි වන පිණිස හා ඔහේ සිට අප වෙත කෙනකුට මෙතෙර විය නො හැකි වන පිණිස අපත්, ඔබත් අතර මහා ආගාධයක් පිහිටුවා තියෙනවා’ යි කීවා. Sinhala Revised Old Version මේ සියල්ල ඇර, මෙහෙන් නුඹලා ළඟට යන්ටත් ඔහෙන් අප ළඟට එන්ටත් කැමතිවූවන්ට බැරි වන ලෙස අපටත් නුඹලාටත් අතරෙහි මහත් කුහරයක් පිහිටා තිබේයයි කීවේය. |
ඔවුන් බැටළු රැළක් මෙන් මරණයට නියම වී ඇත; ඔවුන්ගේ එඬේරා මරණය වී ඇත. ඔවුන් කෙළින් ම යන්නේ මිනී වළට ය, ඔවුන්ගේ සිරුරු දිරා යන්නේ ය. ඔවුන්ගේ නිවාසය පාතාලය වන්නේ ය.
මට පිටුපා යන්නෙනි, මෙය කල්පනාවට ගන්න; නැතහොත්, මම නුඹලා වනසන්නෙමි. නුඹලා ගළවන්නට කිසිවෙකු නොසිටිනු ඇත.
“එවිට ඉශ්රායෙල් සෙනඟට ඇනෙන කඩුවක් වත්, රිද්දවන උලක් වත් ඔවුන් අපවාදයට පත් කළ ඔවුන් අවට සිටින සියල්ලන්ගෙන් තවත් නොපැමිණෙන්නේ ය; මෙසේ මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”
එකල ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා අතරේ ද දෙවියන් වහන්සේට සේවය කරන්නා හා උන් වහන්සේට සේවය නොකරන්නා අතරේ ද ඇති වෙනස නුඹලා දකිනු ඇත.”
එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘පුත්‍රය, ඔබ ජීවත් ව සිටිය දී, හැම සැපත ම ඔබට තිබුණු බව ද එලෙස ම හැම විපත ම ලාසරස්ට තිබුණු බව ද සිහි කරන්න. එහෙත් දැන් ඔහු මෙහි සැනසිලි ලබයි; ඔබ දහ දුක් විඳින්නෙහි ය.
යමෙක් පුත්‍රයාණන් අදහන්නේ ද ඔහුට සදාතන ජීවනය ඇත. එහෙත් යමෙක් පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහුට ජීවනය නොලැබේ. දේව උදහස ඔහු පිට රඳා පවති යි.”
එවිට ඔවුන් මුළාවට පත් කළ යක්ෂයා, මෘගයා හා බොරු දිවැසිවරයා සිටින, ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලට හෙළනු ලැබී ය. ඔව්හු සදහට ම, දිවා රෑ දෙක්හි දරුණු ලෙස වධයට පත් කරනු ලබන්නෝ ය.
නපුරුකම් කරන්නා, නපුරුකම් කරමින් ද, අපිරිසිදුකම් කරන්නා, අපිරිසිදුකම් කරමින් ද සිටී වා! දමිටු තැනැත්තා දමිටු ක්‍රියා කරමින් ද, ශුද්ධ තැනැත්තා ශුද්ධවන්ත කමෙහි පවතිමින් ද සිටී වා!”යි කී ය.
අබිගායිල් නාබල් වෙත පැමිණියා ය. එවිට රාජ මංගල්‍යයක් මෙන් ඔහු තම ගෙදර මංගල්‍යයක් පවත්වමින් සිටියේ ය. නාබල් හොඳට ම මත් වී සිටි බැවින් ඔහු ප්‍රීති ලීලාවෙන් සිටියේ ය. එබැවින් පසු දා එළි වන තුරු ඈ ඔහුට කිසිවක් දැන්නුවේ නැත.