ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 14:16 - Sinhala New Revised Version 2018

එහෙත් උන් වහන්සේ කතා කරමින් මෙ‍සේ වදාළ සේක: “එක් මිනිසෙක් මහා මංගල භෝජනයක් පිළියෙළ කොට බොහෝ දෙනෙකු කැඳැවී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් උන් වහන්සේ කතා කරමින් මෙ‍සේ වදාළ සේක: “එක් මිනිසෙක් මහා මංගල භෝජනයක් පිළියෙළ කොට බොහෝ දෙනෙකු කැඳැවී ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ කතා කරමින්, “එක් මිනිහෙක් මහ ජයට භෝජන සංග්‍රහයක් පිළියෙල කර, බොහෝ දෙනකුට ඇරියුම් කළා.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් උන්වහන්සේ ඔහුට කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙක් මහත් රාත්‍රි කෑමක් පිළියෙළකොට බොහෝ දෙනෙකු කැඳෙවුවේය.

පරිච්ඡේදය බලන්න



ලූක් 14:16
11 හුවමාරු යොමු  

මා සොහොයුරිය, මා මනාලිය, මම මාගේ උයනට අවුත්, මාගේ ගන්ධරස හා සුවඳ ද්‍රව්‍ය රැස් කරගතිමි. මී වදේ සමඟ මී පැණි කෑවෙමි. කිරි සමඟ මුද්‍රික පානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න. එසේ ය, ප්‍රේමයෙන් මත් වන තෙක් බොන්න.


එප්‍රායිම් සෙනඟ බලවන්ත හේවායෙකු මෙන් වන්නෝ ය. ඔවුන් මිදියුස පානය කළ අය මෙන් ප්‍රීති වනු ඇත. ඔවුන්ගේ දරු පරම්පරාව මේ ජයග්‍රහණය සිහි කොට ප්‍රීති වන්නෝ ය. සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔව්හු සන්තෝෂ වන්නෝ ය.


ආත්මයාණන් වහන්සේ ද මනාලිය ද “එන්නැ”යි කියති. අසන්නෝ ද, “එන්නැ”යි කියත් වා! පිපාසය ඇත්තෝ ද එත් වා! කැමැති කෙනෙක් ජීවන පැන් නොමිලයේ ගනිත් වා!


මෙන්න, මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුළු වී, ඔහු සමඟ කෑම කන්නෙමි. ඔහු ද මා සමඟ කෑම කන්නේ ය.