ලූක් 12:6 - Sinhala New Revised Version 2018 “තුට්ටු දෙකකට ගේකුරුල්ලන් පස් දෙනෙකු විකුණනවා නොවේ ද? දෙවියන් වහන්සේ උන්ගෙන් එකකු වත් අමතක නොකරන සේක. Sinhala New Revised Version “තුට්ටු දෙකකට ගේකුරුල්ලන් පස් දෙනෙකු විකුණනවා නොවේ ද? දෙවියන් වහන්සේ උන්ගෙන් එකකු වත් අමතක නොකරන සේක. සිංහල කාලීන පරිවර්තනය තුට්ටු දෙකකට ගේ කුරුල්ලන් පස් දෙනකු විකුණනවා නො වේ ද? එහෙත් උන්ගෙන් එකකුවත් දෙවියන්වහන්සේට අමතක නො වේ. Sinhala Revised Old Version ගේ කුරුල්ලන් පස්දෙනෙක් ශත දෙකකට නොවිකුණද්ද? උන්ගෙන් එකෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි මතකනැති නොවන්නේය. |
ගේ කුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විකුණනවා නොවේ ද? එහෙත්, එයින් එකෙක් වත් ඔබේ පියාණන් වහන්සේ නොදැනුවත් ව බිමට නොවැටෙන්නේ ය.
කපුටන් ගැන කල්පනා කරන්න: උන් වපුරන්නේ නැත, කපන්නේත් නැත, උන්ට අටුකොටු නැත, ගබඩාවක් ද නැත. එහෙත් දෙවියන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ පක්ෂීන්ට වඩා කොතරම් අගනේ ද?
මානෙල් මල් ගැන කල්පනා කරන්න; ඒවා නූල් කටින්නේ වත් වියන්නේ වත් නැත. එහෙත්, තමාගේ සකල රාජ තේජසින් සැරසී සිටි සලමොන් වුව ද මානෙල් මලක් සේ, විරාජමාන නොවී යයි මම ඔබට කියමි.