ලූක් 11:17 - Sinhala New Revised Version 2018 උන් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන මෙසේ වදාළ සේක: “ඊට ම විරෝධී ව භේද වූ යම් රාජ්‍යයක් ඇද්ද එය පාළු වන්නේ ය, ඊට ම විරෝධී ව භේද වූ යම් ගෙදරක් ඇද්ද එය පිරිහී යන්නේ ය. Sinhala New Revised Version උන් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන මෙසේ වදාළ සේක: “ඊට ම විරෝධී ව භේද වූ යම් රාජ්‍යයක් ඇද්ද එය පාළු වන්නේ ය, ඊට ම විරෝධී ව භේද වූ යම් ගෙදරක් ඇද්ද එය පිරිහී යන්නේ ය. සිංහල කාලීන පරිවර්තනය එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, ඔවුන් අමතමින්, “කිසියම් රාජ්‍යයක්, එයටම එරෙහිව බෙදුනහොත්, එය බිඳ වැටෙයි. පවුලක්, ඊටම එරෙහිව බෙදුනහොත්, එය ඇද වැටෙයි. Sinhala Revised Old Version නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන ඔවුන්ට කියනසේක්: තමාටම විරුද්ධව භේදවූ යම් රාජ්‍යයක් ඇද්ද ඒක පාළුවන්නේය; ගෙදරකට භේදවූ ගෙදරක් වැටීයන්නේය; |
මිනිස් සිතෙහි ඇති දෙය උන් වහන්සේ දැන සිටි බැවින්, මනුෂ්‍යයා ගැන කිසිවෙකුගේ සාක්ෂියක් උන් වහන්සේට අවශ්‍ය නො වී ය.
තවද මම ඇගේ දරුවන් වනසාලන්නෙමි. එවිට, මිනිසුන්ගේ සිතුම්පැතුම් විමසන තැනැන් වහන්සේ මා බව, සියලු සභාවෝ දැන ගන්නහු ය. තවද, මම ඔබට එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි.