මාගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම ඔබේ වියගහ වඩා බර කරන්නෙමි. මාගේ පියා කසවලින් ඔබට දඬුවම් කෙළේ ය. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි’ කියා කිව යුතු ය”යි දැන්වූහ.
ලූක් 10:19 - Sinhala New Revised Version 2018 බලන්න, සර්පයන් ද ගෝනුස්සන් ද පාගන්ටත්, සතුරාගේ මුළු ශක්තිය මැඬලන්ටත් මා ඔබට බලය පවරා ඇත; කිසිවකින් ඔබට අනතුරක් නොවෙයි. Sinhala New Revised Version බලන්න, සර්පයන් ද ගෝනුස්සන් ද පාගන්ටත්, සතුරාගේ මුළු ශක්තිය මැඬලන්ටත් මා ඔබට බලය පවරා ඇත; කිසිවකින් ඔබට අනතුරක් නොවෙයි. සිංහල කාලීන පරිවර්තනය ඔන්න, සර්පයින් හා ගෝනුස්සන් පාගා දමන්නටත්, සතුරාගේ ශක්තිය මුළුමනින් මැඩලන්නටත්, මා ඔබට බලය දී තියෙනවා. කිසිවකින් ඔබට අනතුරු නො වේ. Sinhala Revised Old Version බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය. |
මාගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම ඔබේ වියගහ වඩා බර කරන්නෙමි. මාගේ පියා කසවලින් ඔබට දඬුවම් කෙළේ ය. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි’ කියා කිව යුතු ය”යි දැන්වූහ.
ඔබ, සිංහයෙකු වුවත්, සර්පයෙකු වුවත් පාගන්නෙහි ය; ඔබ කේශර සිංහයෙකු වුවත්, මකරෙකු වුවත් පාගා දමන්නෙහි ය.
කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේ ය. සිඟිති දරුවා පොළඟාගේ ගුල පිට අත තබන්නේ ය.
“මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹට කහඹිලියා හා කටු ගස් මෙන් වුවත්, නුඹ ගෝනුස්සන් අතරේ වාසය කරන්නේ වී නමුත්, ඔවුන්ට වත්, ඔවුන්ගේ වචනවලට වත් බිය නොවන්න. ඔවුන්ගේ මුහුණේ පෙනුමට නොකැළඹෙන්න.
සර්පයන් අතින් අල්ලාගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට, ඔව්හු සුවය ලබති”යි වදාළ සේක.
ශාන්තිදායක දෙවියන් වහන්සේ නොබෝ කලකින් සාතන් ඔබගේ පාද යට සුණු විසුණු කරන සේක. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමඟ වේ වා.
යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට සිතන්නේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම විත් ඔවුන්ගේ සතුරන් විනාශ කරයි. ඔවුන්ට අනතුරු කරන්නට සිතන තැනැත්තේ, මෙලෙස මරනු ලබන්නේ ය.