ඒ බව උන් වහන්සේ දිවැසිවර නාතාන් අත දන්වා හැර, සමිඳාණන් වහන්සේ කී පරිදි, ඔහුට ‘සමිඳුන් ප්‍රේම කළ තැනැත්තා’ යන අර්ථය ඇති ‘ජෙදීදියා’ යන නම තැබී ය.
ලූක් 1:60 - Sinhala New Revised Version 2018 එහෙත්, ඔහුගේ මව කතා කරමින්, “එසේ නොවේ; ඔහුට ජොහන් යන නාමය තැබිය යුතු ය”යි කීවා ය. Sinhala New Revised Version එහෙත්, ඔහුගේ මව කතා කරමින්, “එසේ නොවේ; ඔහුට ජොහන් යන නාමය තැබිය යුතු ය”යි කීවා ය. සිංහල කාලීන පරිවර්තනය එහෙත් ඔහුගේ මව කතා කරමින්, “නැත; ඔහු යොහන් නමින් හඳුන්වන්නට ඕනෑ” යි කීවා ය. Sinhala Revised Old Version එසේ නොවේ; ඔහුට යොහන් යන නාමය තබන්ට ඕනෑයයි කීවාය. |
ඒ බව උන් වහන්සේ දිවැසිවර නාතාන් අත දන්වා හැර, සමිඳාණන් වහන්සේ කී පරිදි, ඔහුට ‘සමිඳුන් ප්‍රේම කළ තැනැත්තා’ යන අර්ථය ඇති ‘ජෙදීදියා’ යන නම තැබී ය.
ටික දිනකට පසු මම මාගේ භාර්යාව සමඟ සහවාසයේ යෙදුණෙමි. ඈ පිළිසිඳගෙන දරුවෙකු බිහි කළා ය. සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ඔහුට, ‘මහෙර්-ෂාලාල්-හාෂ්-බශ්’ කියා නම් තබන්න.
එහෙත්, ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමඟ එක් නො වී ය. ඔහු උන් වහන්සේට ජේසුස් යන නාමය තැබී ය.
දේව දූතයා ඔහුට කතා කොට, “සෙකරියස්, බිය නොවන්න. මන්ද, ඔබේ යාච්ඤාව අසනු ලැබී ය. ඔබේ බිරිඳ වන එලිසබෙත් ඔබගෙන් පුතෙකු ලබන්නී ය. ඔහුට ජොහන් යයි නම් තබන්න.