මම හිමිතුමාණන් ගැන ප්‍රීති ප්‍රමෝද වන්නෙමි; මා ගැළෙව්වේ හිමිතුමාණන් බැවින් තුටු පහටු වන්නෙමි.
ලූක් 1:46 - Sinhala New Revised Version 2018 එවිට මරිය තුමී මෙසේ උදන් ඇනුවා ය: “මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි, Sinhala New Revised Version එවිට මරිය තුමී මෙසේ උදන් ඇනුවා ය: “මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි, සිංහල කාලීන පරිවර්තනය එවිට මරියා මෙසේ පැවසුවා ය: “මාගේ ජීවය ස්වාමින්වහන්සේ වර්ණනා කරයි; Sinhala Revised Old Version එවිට මරියා කියන්නී: මාගේ සිත ස්වාමීන්වහන්සේ වර්ණනා කෙරෙයි, |
මම හිමිතුමාණන් ගැන ප්‍රීති ප්‍රමෝද වන්නෙමි; මා ගැළෙව්වේ හිමිතුමාණන් බැවින් තුටු පහටු වන්නෙමි.
මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි; මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක.
එපමණකුත් නොව, දෙවියන් වහන්සේ හා සමඟ නැවත අපට සමඟිය අත් කර දුන් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් අපි දෙවියන් වහන්සේ කෙරේ අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු.
එබැවින්, ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි, පාරට්ටු කරගන්න කැමැති තැනැත්තා සමිඳාණන් වහන්සේ ගැන පාරට්ටු කරගනී වා.
තවද, කිතුනුවන් වූ අප නිතර ම ජය පෙරහරින් ගෙන යන, තමන් වහන්සේ පිළිබඳ දැනගැන්ම නමැති සුගන්ධය අප ලවා හැම තැන ම පතුරුවන, දෙවියන් වහන්සේට ස්තුති වේ වා!
නියම චර්මඡේදිතයෝ නම්, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් උන් වහන්සේට නමස්කාර කරන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පාරට්ටු කරගන්න, බාහිර වත්පිළිවෙත් පිට විශ්වාසයක් නොතබන අපි වම්හ.
සාමදානයේ දෙවියන් වහන්සේ ම ඔබ මුළුමනින් ම පවිත්‍ර කරන සේක් වා! ඔබගේ මුළු ආත්මය ද ප්‍රාණය ද ශරීරය ද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරාගමනයේ දී නිදොස් ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේ වා!
ඔබ උන් වහන්සේ නුදුටු නමුත් උන් වහන්සේට ප්‍රේම කරන්නහු ය. දැන් ඔබ උන් වහන්සේ නොදකින නමුත්, උන් වහන්සේ අදහා,