ඒ අධිපතියා ඔහුට උත්තර දෙමින්, “බලන්න, සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් එබඳු දෙයක් සිදු විය හැකි දැ”යි කීවේ ය. එලිෂා කතා කොට, “ඔබ එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි කී ය.
ලූක් 1:20 - Sinhala New Revised Version 2018 බලන්න. නියම කාලයෙහි ඉටුවන්න යන, මා කී දේ ඔබ අවිශ්වාස කළ බැවින්, මේ කාරණා සිදු වන දවස දක්වා ඔබ කතා කළ නොහැකි ව නිහඬ වනු ඇතැ”යි කී ය. Sinhala New Revised Version බලන්න. නියම කාලයෙහි ඉටුවන්න යන, මා කී දේ ඔබ අවිශ්වාස කළ බැවින්, මේ කාරණා සිදු වන දවස දක්වා ඔබ කතා කළ නොහැකි ව නිහඬ වනු ඇතැ”යි කී ය. සිංහල කාලීන පරිවර්තනය ඔන්න, මේ දෑ සිද්ධවන දවස දක්වා ඔබ කතා කරන්නට බැරිව, නිහඬව සිටිනු ඇත; මන්ද නිසි කල්හි ඉෂ්ට වන මගේ වචන ඔබ විශ්වාස කළ නැති නිසා යැ” යි පැවසී ය. Sinhala Revised Old Version බලව, නියම කාලයට සම්පූර්ණවන්නාවූ මාගේ වචන නුඹ විශ්වාස නොකළ බැවින්, මේ කාරණා සිදුවන දවස දක්වා, නුඹ කථාකරන්ට නොහැකිව නිශ්ශබ්දවන්නේහියයි කීවේය. |
ඒ අධිපතියා ඔහුට උත්තර දෙමින්, “බලන්න, සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් එබඳු දෙයක් සිදු විය හැකි දැ”යි කීවේ ය. එලිෂා කතා කොට, “ඔබ එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි කී ය.
එවිට තම අතට රජු හේත්තු වී සිටි නිලධාරියා දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් මෙය සිදු විය හැකි දැ”යි කී ය. “එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි ඔහු පැවසී ය.
සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “මිනිසාගේ මුඛය නිර්මාණය කෙළේ කවරෙක් ද? යමෙකු ගොළු කරන්නේ හෝ බිහිරි කරන්නේ හෝ යමෙකුට පෙනීම දෙන්නේ හෝ යමෙකු අන්ධයෙකු කරන්නේ හෝ කවරෙක් ද? එසේ කරනුයේ සමිඳාණන් වහන්සේ වන මම නොවෙම් ද?
ඉශ්රායෙල් සමාරිය නම් නගරයට වඩා බලවත් නොවේ; සමාරිය පෙකා රජුට වඩා බලවත් නොවේ. නුඹේ විශ්වාසය ස්ථිර නොවේ නම්, නුඹේ පැවැත්ම ස්ථිර වන්නේ නැත.”
ඒ දවසේ දී නැති වී ගිය නුඹේ කතා ශක්තිය නුඹට ලැබී, තවත් ගොළු ව නොසිට නුඹ ඒ තැනැත්තා සමඟ කතා කරනු ඇත. මෙසේ නුඹ ඔවුන්ට සලකුණක් වන්නෙහි ය; ඔවුන් මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.’ ”
මම නුඹේ දිව නුඹේ උඩුතල්ලේ ඇලෙන්න සලස්වන්නෙමි. එවිට නුඹ ගොළු වී, ඔවුන් කැරලිකාර සෙනඟක් වන බැවින් ඔවුන්ට තරවටු කරන්න නුඹට නොහැකි වන්නේ ය.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි මගේ ශුද්ධ බල මහිමය පිළිගන්නා තරමට නුඹලා මා කෙරෙහි විශ්වාසය නොතැබූ බැවින්, මා මේ සෙනඟට දීමට පොරොන්දු වූ දේශයට නුඹලා ඔවුන් ගෙන නොයන්නහු ය”යි වදාළ සේක.
පසුව ජේසුස් වහන්සේ, එකොළොස් දෙනා ආහාර වළඳමින් සිටිය දී ඔවුන්ට ද දර්ශනය වී, උන් වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කීදේ ඔවුන් නොඇදහූ නිසා, ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩි කම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක.
උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “අහෝ! ඇදහිලි හීන පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.
දේව දූතයා පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ අබිමුවෙහි සේවා කරන ගාබ්‍රියෙල් මම ය; මා එවන ලද්දේ ඔබ සමඟ කතා කරන්නටත්, මේ සුබ ආරංචිය ඔබට පවසන්නටත් ය.
ඔහු පිට වී ආ කල ඔවුන් සමඟ කතා කිරීමට අපොහොසත් විය. ඔහු පූජා ස්ථානයෙහි යම් කිසි දර්ශනයක් දක්නට ඇතැ යි ඔව්හු තේරුම්ගත්හ. ඔහු ද අතින් සංඥා කරමින් ගොළුගැහී සිටියේ ය.
සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේ ම යයි විශ්වාස කළ තැනැත්තී භාග්‍යවන්ත ය”යි කීවා ය.
හොඳයි, සමහරෙක් එය අවිශ්වාස කළාහු නම්, ඒ අවිශ්වාසය නිසා දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම නිෂ්ප්‍රභ වන්නේ ද?
අප අවිශ්වාසවන්ත වුවත්, උන් වහන්සේ විශ්වාසවන්ත ව, සිටින සේක. මන්ද, උන් වහන්සේට තමන් ම ප්‍රතික්ෂේප කිරීම නොකළ හැකි ය.”
ඒ දේව භක්තියෙහි පදනම වනාහි සදාතන ජීවනයේ බලාපොරොත්තුව වේ. කාලයාගේ පටන්ගැන්මට පෙර, දෙවියන් වහන්සේ අපට මේ සදාතනික ජීවිතය පොරොන්දු වූ සේක. උන් වහන්සේගේ වචනය විශ්වාස කටයුතු ය.
මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි වෙනස් කළ නොහැකි පොරොන්දුව ද දිවිරීම ද යන කරුණු දෙකක් ඇත. ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කරගැනීමට, ආරක්ෂාව සොයා පැමිණි අපට මහත් ධෛර්යයක් ලැබී ඇත.
මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.