යොහන් 9:3 - Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මොහු අන්ධ ව ඉපදුණේ මොහු වත් මොහුගේ දෙමවුපියන් වත් පව් කළ නිසා නොව; දෙවියන් වහන්සේගේ බලය මොහු තුළ ප්‍රකාශ වන පිණිස ය. Sinhala New Revised Version ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මොහු අන්ධ ව ඉපදුණේ මොහු වත් මොහුගේ දෙමවුපියන් වත් පව් කළ නිසා නොව; දෙවියන් වහන්සේගේ බලය මොහු තුළ ප්‍රකාශ වන පිණිස ය. සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ මිනිසාවත්, ඔහුගේ මව්පියන්වත් කළ පාප නිසා නො වෙයි. දෙවියන්වහන්සේගේ ක්‍රියා ඔහු තුළ විදහා දැක්වීමටයි. Sinhala Revised Old Version යේසුස්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ ක්‍රියා මොහු කෙරෙහි ප්‍රකාශවන පිණිස මිස මොහුවත් මොහුගේ මවුපියන්වත් පව්කළ නිසා නොවේ. |
ඔහුගේ මිතුරන් තුන්දෙන ද ජෝබ් කෙරේ වරද තැබූ නමුත්, ඔහුට පිළිතුරු දීමට අසමත් වූ බැවින් ඔවුන්ට විරුද්ධ ව ද ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ ය.
තවද, සමිඳාණන් වහන්සේ මේ වචන ජෝබ්ට වදාළ පසු උන් වහන්සේ තේමානීය එලිපස්ට කතා කොට, “මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹ සහ නුඹේ මිතුරන් දෙදෙනා මා ගැන ඇත්ත නොකී බැවින්, මාගේ උදහස නුඹලා කෙරේ ඇවිළී ඇත.
අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති; බිහිරන්ට ඇසෙයි; මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ.
ඒ ඇසූ කල ජේසුස් වහන්සේ කතා කොට, “මේ රෝගය මරණයෙන් කෙළවර වන්නක් නොවේ; මෙය දේව මහිමය සඳහා ය; මෙයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මහිමයට පමුණුවනු ලබන සේකැ”යි වදාළ සේක.
ජේසුස් වහන්සේ කතා කොට, “ඔබට ඇදහිල්ල ඇත්නම් ඔබ දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය අත්දකින බව මා කීවා නොවේ දැ”යි ඈට වදාළ සේක.
ඒ සතා ඔහුගේ අතේ එල්ලී සිටිනවා දුටු රටවැසියෝ “ඒකාන්තයෙන් මේ මනුෂ්‍යයා මිනීමරුවෙකි, ඔහු මුහුදෙන් ගැළවුණ නමුත් ඔහුට ජීවත් වන්නට දෛවය ඉඩ නොහරී”යි කියා කතා කරගත්හ.
ඔව්හු ඔවුන්ට තවදුරටත් තර්ජනය කොට නිදහස් කර යන්නට හැරියෝ ය. සිදු වූ දේ ගැන සියලු දෙනා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ බැවින්, ජනයා නිසා ඒ දෙදෙනාට දඬුවම් කිරීමට ඔවුන්ට මඟක් නො වී ය.
මෙසේ අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන හැඳින අපි එය විශ්වාස කර සිටිමු. දෙවියන් වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයෙහි ජීවත් වන්නා උන් වහන්සේ තුළ ජීවත් වෙයි. දෙවියන් වහන්සේ ද ඔහු තුළ ජීවත් වන සේක.
අප කෙරෙහි දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන්, අප උන් වහන්සේ කරණකොටගෙන ජීවත් වන පිණිස, ලෝකයට එවා වදාළ කාරණයෙන් ය.