යොහන් 6:60 - Sinhala New Revised Version 2018 එය ඇසූ විට, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් “මෙය දරාගන්නට බැරි කීමකි, එතුමාණන්ට සවන් දී සිටිය හැක්කේ කාට දැ”යි තමන් අතරේ කතා කරගත්හ. Sinhala New Revised Version එය ඇසූ විට, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් “මෙය දරාගන්නට බැරි කීමකි, එතුමාණන්ට සවන් දී සිටිය හැක්කේ කාට දැ”යි තමන් අතරේ කතා කරගත්හ. සිංහල කාලීන පරිවර්තනය ඒ ඇසූ උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක්, “මේක මහ තද කියමනක්. ඕවා අහන්න පුළුවන් කවුරුන්ට දැ?” යි කීහ. Sinhala Revised Old Version එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් ඒ අසා: මේක තද කීමක්ය; ඒක අසන්ට පුළුවන් කාටදැයි කීවෝය. |
ඒකාන්තයෙන් මම ඔබට කියමි: දේව පුත්‍රයාණන්ගේ හඬ මළවුන් හට ඇසෙන පැය පැමිණෙන්නේ ය; දැනට ම පැමිණ ඇත; සවන් දෙන අය ජීවත් වෙති.
එවිට ජුදෙව්වරු ඔවුනොවුන් අතර විවාද කරමින්, “මේ මිනිසා, ඔහුගේ මාංසය අනුභව කරන පිණිස අපට දෙන්නේ කෙසේ දැ”යි කී හ.
එහෙත් නොඅදහන සමහරෙක් ඔබ අතරෙහි සිටිති”යි වදාළ සේක. එසේ වදාළේ, නොඅදහන්නෝ කවුරු ද කියාත්, තමන් වහන්සේ පාවා දෙන්නට යන්නේ කවරෙක් ද කියාත්, ජේසුස් වහන්සේ මුල සිට ම දැනගෙන සිටි බැවිනි.
මේ නිසා එවක් පටන් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී, තවත් උන් වහන්සේ අනුව නොගියහ.
එබැවින් උන් වහන්සේගේ සහෝදරයෝ කතා කොට, “ඔබ කරන ක්‍රියා ඔබේ ශ්‍රාවකයන් ද දකින පිණිස මෙතැනින් පිටත් ව ජුදයට යන්න.
එබැවින්, තමන් වහන්සේ අදහාගත් ජුදෙව්වරුන්ට ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ මාගේ ධර්මයෙහි පිහිටා පවතින්නහු නම්, සැබැවින් ම ඔබ මාගේ ශ්‍රාවකයෝ ය;
මේ ගැන බොහෝ දේ කීමට ඇතත් ඔබේ ඇසීමට ඇති ආශාව හීන වී ඇති බැවින්, ඒවා පහදා දීම දුෂ්කර කරුණකි.
තවද, මේ කාරණා ගැන ලියන විට, ඔහු තමාගේ හසුන්වල කියන්නේත් මේ දේ ම ය. ඒවායේ තේරුම්ගැනීමට දුෂ්කර සමහර දේ ඇත. නූගත් අස්ථීර අය ශුද්ධ ලියවිල්ලේ සෙසු කොටස්වල මෙන් මේවායේත් අර්ථය නොපිට පෙරළාගනිති. එයින් ඔවුන්ගේ විනාශය සිදු වේ.